Last Update  :  2024-05-10 17:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner සර්බියාව ගෝල 1-0 කින් කොස්ටාරිකාව පරදවයි

සර්බියාව ගෝල 1-0 කින් කොස්ටාරිකාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘ඊ’ කාණ්ඩය යටතේ අද (17 වැනිදා) පස්වරුවේ පැවැති මූලික වටයේ තරගයකදී ගෝල 1-0 ක් ලෙස කොස්ටාරිකාව පරාජය කිරීමට සර්බියාව සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ‘ඊ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද සර්බියාවට හැකි විය.

පළමු අර්ධය නිමාවන විට දෙපිලම ගෝල ලබා නොසිටි අතර දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 11 ක් ගත වන විට එනම් තරගයේ 56 වැනි මිනිත්තුවේදී ජයග්‍රාහී ගෝලය ලබාගැනීමට සර්බියාවේ ඇලෙක්සැන්ඩර් කොලරොව් සමත් විය.

මෙම තරගයේදී කොස්ටාරිකාවේ ෆ්‍රැන්සිස්කෝ කැල්වෝ සහ ඬේවිඞ් ගුස්මේන්ද, සර්බියාවේ බ්‍රැනිස්ලෙව් ඉවනොවික් සහ ඇලෙක්සැන්ඩර් ප්‍රිජොවික්ද විනිසුරුවරයාගෙන් කහ පැහැති කාඞ්පත් සහිත අවවාද ලැබූහ.
සර්බියාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී තමන් සහභාගි වූ පළමු තරගය ජය ගැනීමට සමත් වූයේ වසර 20 කට පසුවය. මින් පෙර සර්බියාව එවන් දස්කමක් දක්වා තිබුණේ 1998 වසරේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේදී වන අතර ඒ ගෝල 1-0 ක් ලෙස ඉරානය පරාජය කරමිනි.

මෙම පරාජයත් සමග කොස්ටාරිකාව පිට පිටම ලෝක කුසලාන පාපන්දු තරගාවලිය 3 කදී තමන් සහභාගි වූ පළමු තරගය පරාජයට පත් වී ඇති අතර අවසන් වරට ඔවුන් සහභාගි වූ පළමු තරගය ජයගෙන ඇත්තේ 2006 වසරේ ජර්මනියේදී පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදීය.


- 036

 


අදහස් (0)

සර්බියාව ගෝල 1-0 කින් කොස්ටාරිකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.