Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ශූරයන්ගේ කුසලාන කොළඹ ක්‍රීඩා සමාජයට

ශූරයන්ගේ කුසලාන කොළඹ ක්‍රීඩා සමාජයට

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ක්‍රීඩා සමාජය සමත් විය. කොළඹ පැරණි තුරඟ තරග පිටියේ ඊයේ (4 වැනිදා) පැවැති තරගයේදී ගෝල 3-1 ක් ලෙස රිනවුන් ක්‍රීඩා සමාජය පරාජය කරමින් කොළඹ ක්‍රීඩා සමාජය එම ශූරතාවට හිමිකම් කීවේය.

තරගයේ 30 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය ලබාගැනීමට රිනවුන් කණ්ඩායමේ ජොබ් මයිකල් සමත් වූ අතර ඉන් මිනිත්තු 6 කට පසු (36 වැනි මිනිත්තුවේදී) ගෝලයක් ලබාගැනීමට කොළඹ කණ්ඩායමේ ඬේවිඞ් ඔසාගි සමත් වීමත් සමග ගෝල 1-1 ක් ලෙස කණ්ඩායම් දෙක සම තත්ත්වයට පත් විය.

කෙසේ වුවත් 56 වැනි මිනිත්තුවේදී කේ. ඒ. ඩී. මධුෂංඛ ලබාගත් ගෝලය සහ අතිරේක කාලයේදී ඒ. ආර්. ඒ. ෂසනි ලබාගත් ගෝලයත් සමග කොළඹ කණ්ඩායම ගෝල 3-1 ක් ලෙස මෙම තරගයෙන් ජය ලැබීය. මෙවර තරගාවලියේ විශේෂත්වය වූයේ ලීග් තරගාවලියක් වුවද අවසන් මොහොත දක්වාම ජයග්‍රාහකයා කවුරුන්ද යන්න අනාවැකි කිව නොහැකි තත්ත්වයට තරගාවලිය පත්වීමයි.

තරගය අතරතුර කොළඹ කණ්ඩායමේ අෆීස් ඔලයෙමි, ඬේයිඞ් ඔසාගි සහ ඒ. ආර්. ඒ. ෂස්නි කහ කඞ්පත් ලැබූ අතර අතිරේක කාලය තුළදී රිනවුන් කණ්ඩායමේ එම්. සී. එම්. රිස්නි රතු කාඞ්පත ලබා පිටියෙන් ඉවත් විය.
තරගාවලියේ තෙවැනි ස්ථානය තෝරාගැනීම සඳහා පැවැති තරගයෙන් බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය පරදවා ගෝල 7-3 ක පහසු ජයක් අත්කරගැනීමට යුද හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

එහිදී යුද හමුදා කණ්ඩායමේ එම්. එන්. එම්. ඉසඩීන් (5 වැනි, 9 වැනි සහ 91 වැනි මිනිත්තු වලදී) සහ එල්. සී. සජිත් කුමාර (21 වැනි, 23 වැනි සහ 83 වැනි මිනිත්තු වලදී) ගෝල ත්‍රිත්වය බැගින් ලබාගත්හ. 61 වැනි මිනිත්තුවේදී මදුෂාන් ද සිල්වා ලබාගත් ගෝලයත් සමග යුද හමුදා කණ්ඩායමේ ගෝල සංඛ්‍යාව 7 ක් බවට පත් විය.

ඉදොව් හමීඞ් (31 වැනි මිනිත්තුවේදී), එම්. කේ. එම්. නගීම් (48 වැනි මිනිත්තුවේදී) සහ ඊ. බී. චන්න (92 වැනි මිනිත්තුවේදී) යන ක්‍රීඩකයෝ බ්ලූ ස්ටාර් කණ්ඩායම වෙනුවෙන් ගෝල ලැබූහ.  

යුද හමුදා කණ්ඩායමේ බණ්ඩාර වරකාගොඩ, කීර්ති කුමාර, රොෂාන් අප්පුහාමි තරගය අතරතුර කහ කාඞ්පත් ලැබූහ.


- 036

 

කොළඹ - රිනවුන් ඩයලොග් ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ උණුසුම් අවස්ථා ...

(ඡායාරූප - ඉන්ද්‍රරත්න බාලසුරිය)


අදහස් (0)

ශූරයන්ගේ කුසලාන කොළඹ ක්‍රීඩා සමාජයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.