Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ශා. පැට්‍රික් - සහිරා අවසන් තරගයට

ශා. පැට්‍රික් - සහිරා අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යාපනය ශාන්ත පැට්‍රික් විදුහල සහ මරදාන සහිරා විදුහල අතර පැවැත්වෙන කොත්මලේ කුසලාන වයස 19 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය හෙට (5 වැනිදා) පස්වරු 7.00 සිට යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදීම ඊයේ (3 වැනිදා) පැවැති අවසන් පූර්ව වටයේ තරග වලදී දඬුවම් පහර 7-6 ක් ලෙස වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල පරාජය කරමින් ශාන්ත පැට්‍රික් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. සහිරා විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දඬුවම් පහර 4-1 ක් ලෙස යාපනය ශාන්ත හෙන්රි විදුහල පරාජය කරමිනි.

ශාන්ත ජෝෂප් වාස් විදුහල සහ ශාන්ත හෙන්රි විදුහල අතර තාරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවැත්වෙන තරගය හෙට පස්වරු 5.00 ට ආරම්භ වීමට නියමිතය. මෙම තරග 2 ම විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙයි.

ශාන්ත ජෝෂප් වාස් විදුහල සහ ශාන්ත පැට්‍රික් විදුහල අතර පැවැති තරගයේ නියමිත වේලාව අවසන්වන තෙක් දෙපිලම ගෝල ලබාගැනීමට අපොහොසත් වූ අතර තියුණු තරගයකින් අනතරුව දඬුවම් පහර 7-6 ක් ලෙස තරගය ජය ගැනීමට ශාන්ත පැටි්‍රක් විදුහල සමත් විය.

සහිරා විදුහල සහ ශාන්ත හෙන්රි විදුහල අතර පැවැති තරගයේ නියමිත වේලාව අවසන්වන විට දෙපිලම ගෝල 2 බැගින් ලබා සිටි අතර ලබාදුන් දඬුවම් පහර 5 න් 4 ක් සාර්ථක කරගත් සහිරා විදුහල තරගයේ ජය තමන් සතුකරගත්තේය. එහිදී ශාන්ත හෙන්රි විදුහලට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහරක් පමණි.

මෙම තරගාවලියට දිවයින පුරා ප්‍රධාන පෙළේ පාසල් පාපන්දු කණ්ඩායම් 24 ක් සහභාගි වූ අතර ඉන් යාපනය ප්‍රදේශයේ පාසල් 2 ක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම නිසා අවසන් තරග යාපනයේදී පැවැත්වීමට සංවිධායකයෝ පියවර ගත්හ.

අර්ධ අවසන් පූර්ව වටයේදී මීගමුව මාරිස්ටෙලා විදුහල ගෝල 2-0 කින් පරාජය කරමින් ශාන්ත හෙන්රි විදුහලද, කළුතර සිරි කුරුස විදුහල ගෝල 5-2 කින් පරාජය කරමින් ශාන්ත ජෝෂප් වාස් විදුහලද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

ශාන්ත පැට්‍රික් විදුහල සහ සහිරා විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී පිළිවෙලින් ගෝල 3-1 ක් ලෙස කොළඹ හමීඞ් අල් හුසේනි විදුහලද, ගෝල 4-1 ක් ලෙස කඳාන ද මැසිනොද් විදුහලද පරාජය කරමිනි.

 


අදහස් (0)

ශා. පැට්‍රික් - සහිරා අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.