Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner වසර 20 කට පසු ලැබෙන අවස්ථාවක්

වසර 20 කට පසු ලැබෙන අවස්ථාවක්

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉන්දියාවේ ‘තිවෙන්ද්‍රම්’ නුවරදී දැන් පැවැත්වෙන 11 වැනි ‘සාෆ්’ පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර දෙවැනි අවසන් පූර්ණ තරගය හෙට (31) පස්වරු 6.30ට ‘ත‍්‍රිවන්ද්‍රම්’ ‘ග‍්‍රීන්ෆීල්ඞ්’ අන්තර් ජාතික පාපන්දු කී‍්‍රඩාංගණයේ දී පැවැත් වේ.

පැවැති පසුගිය (2011-13) තරගාවලි දෙකකදීම මූලික වටයෙන්ම පරාජයට පත් වූ ශ්‍රී ලංකාව අද තරගයෙන් ජය ගතහොත් එහි අවසන් මහ තරගයට වරම් හිමි කර ගන්නේ වසර 20කට පසුවය.

‘ත‍්‍රිවෙන්ද්‍රම්’ සාෆ් පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද ඉන්දියාව හා මාලදිවයින අතර පැවැත්වීමට නියමිතව ඇත්තේ පස්වරු 3.30ටය.

අවසන් මහ තරගය ලබන ඉරිදා (3) පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට අවස්ථාව උදාකර ගත්තේ මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩයේ දෙවනුව වැඩිම ප‍්‍රසාද ලකුණු ලබමිනි. ‘ඒ’ නේපාලනය ගෝල 1-0කින් පරාජයට පත් කරමිනි.

‘ඒ’ කාණ්ඩයේ මූලික වටයේදී ශ්‍රී ලංකාව (2-0) හා නේපාලය (4-1) කින් පරාජයට පත් කරමින් එහි වැඩිම ප‍්‍රසාද ලකුණු ලබමින් ඉන්දියාව අවසන් පූර්ව වටයට පිවිසියේය.

අවසන් පුර්ව වටයේදී ශ්‍රී ලංකාව මුණ ගැසෙන ඇෆ්ගනිස්ථානය මෙවර තරගාවලියේ මේ වන විට වඩාත්ම ප‍්‍රබල කණ්ඩායම බවට පත්ව සිටින්නේ ප‍්‍රතිවාදීන්ට එරෙහිව වැඩිම ගෝල ගණනක් ලබා මූලික වටයේ තරග දෙකම ජය ගනිමිනි.

බංගලාදේශය (4-0), භූතානය (4-0) හා මාලදිවයින (4-1) පරාජය කරමින් ඔවුන් මෙවර තරගාවලියේ මූලික වටයේ දී ඉහළම දස්කම් දැක්වීය. ‘ත‍්‍රිවෙන්ද්‍රම්’ සාෆ් තරගාවලියේදී අද පළමුවරට මුණ ගැසෙන ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 194 වැනි ස්ථානයේ ද ඇෆ්ගනිස්ථානය 150 වැනි ස්ථානයේ ද පසුවෙයි.

 


අදහස් (0)

වසර 20 කට පසු ලැබෙන අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.