Last Update  :  2024-05-20 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner විධායක කමිටුව රැස්වීමක් ඉල්ලයි

විධායක කමිටුව රැස්වීමක් ඉල්ලයි

Nisanka Sandeepani - 2017 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටුවේ රැස්වීමක් වහාම කැඳවන ලෙස එම සංගමයේ විධායක කමිටු සාමාජිකයන් සභාපති අනුර ද සිල්වා සහ ලේකම් බාලේන්ද්‍ර ඇන්තනී මහත්වරුන්ගෙන් එහි විධායක කමිටු සභිකයන් ප්‍රමුඛ පිරිසක් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. පසුගිය මාස 6ක කාලයක් පුරා විධායක කමිටුව එක් අවස්ථාවකදී පමණක් රැස්වීම සැළකිල්ලට ගනිමින් විධායක කමිටු රැස්වීමක් වහාම කැඳවන ලෙස ඔව්හු ඉල්ලා සිටිති. 

විධායක කමිටුවේ සමාජිකයන් එසේ ඉල්ලා ඇත්තේ පාපන්දු සම්මේලන ව්‍යවස්ථාවට පටහැනිව,  විධායක කමිටුවේ අනුමැතියකින් තොරව පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා විසින් මෑත කාලයේ දී සිදුකරනු ලැබූ විවිධ ක්‍රියාකාරකම්  පිළිබඳ නිරික්ෂණය කිරීමෙන් පසුවය. පාපන්දු සම්මේලනය විසින් ගනු ලබන සියලු තින්දු තීරණවලට එහි විධායක කමිටුව වගකිව යුතු බැවින් වහාම වහාම විධායක කමිටු රැස්වීමක් කැඳවන ලෙස විධායක කමිටු සාමාජිකයන් එම ලිපිය මගින් සභාපතිවරයාගෙන් සහ ලේකම්වරයාගෙන් දැඩිව ඉල්ලා සිටිති. 

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී.දිසානායක සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර යන මහත්වරුන්ට ද මේ ලිපියෙහි පිටපත් යවා තිබේ. 

විධායක කමිටුවේ සාමාජිකයන් 17 දෙනකුගේ අත්සනින් යුතුව සභාපතිවරයාට හා ලේකම්වරයාට යවනු ලැබූ එම ලිපියේ සඳහන් වෙයි.

පාපන්දු සම්මේලනයේ උපසභාපතිවරුන් වන හිටපු නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පි.පතිරණ, බ්‍රිගේඩියර් එච්.ඩී.ඩබ්.කාරියවසම්, නලීන් සිල්වා, රොබට් පීරිස්, උපභාණ්ඩාගාරික සාගර පියතිලක, මූල්‍ය කමිටු සභාපති රංජිත් රුද්‍රිගෝ, තරගාවලි ප්‍රධානී ගෘප් කපිතාන් එස්.ඩී.කොටගේ, තරග විනිසුරු සභාපති නිමල් වික්‍රමතුංග, ආචාර ධර්ම පිළිබඳ සභාපති රාහුල සිරිවර්ධන, කාන්තා පාපන්දු සභාපතිනි සුධර්මා ජයවර්ධන, යොවුන් හා කනිෂ්ඨ ව්‍යාපෘති සභාපති උපාලි හේවගේ, අලෙවි හා අනුග්‍රාහකත්ව කමිටු සභාපති ටේ‍රවර් රෙකමන්, පුහුණු මධ්‍යස්ථාන හා කළමනාකාරීත්ව සභාපති කපිතාන් එච්.ඩී.ගමගේ, නීති කටයුතු පිළිබඳ කමිටු සභාපති චමත් ජයසේකර, විනය කමිටු සභාපති එයාර් වයිස් මාෂල් ආර්.ඒ.දයාපාල, විධායක කමිටු සාමාජිකයන් වන ලක්ෂ්මන් හේවාපන්න සහ ලලිත් කුමාර යන මහත්වරු මෙම ලිපියට අස්සන් කර තිබේ. 

කරුණු 18 ක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විධායක කමිටුව රැස්කරන්නයි ඔව්හු ඉල්ලා සිටිති. එම කරුණු පහත  සඳහන් වේ. 

■    පාපන්දු සම්මේලනයේ අලෙවි සහ මාධ්‍ය කළමනාකරුගේ ඉල්ලා අස්වීම
■    අනුග්‍රාහකයන්ගේ ප්‍රශ්න හේතුවෙන් ආදායම් මාර්ග අවහිරවිම
■    එෆ්.ඒ.කුසලාන, චැම්පියන්ස් ලීග් වැනි තරගාවලි සැලසුම් කිරීමේ දී ඇතිවූ ගැටළු සහගතබව, 
■    අවුරුදු 23න් පහළ, 19න් පහළ සහ 16න් පහළ ආසියානු පාපන්දු සංගම් ශූරතාවලි සහ අවුරුදු 18න් පහළ සහ 15න් පහළ සාෆ්
පාපන්දු තරගාවලි සම්බන්ධ ප්‍රශ්න
■    ජාතික කණ්ඩායමේ ප්‍රගතිය
■    රුපියල් මිලියන 55ක අයවැය හිඟය සහ කාර්ගිල්ස් සමාගමේ ගිවිසුම අවලංගුවීම
■    මේ වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කළමනාකාරිත්වයේ අයවැය
■    අන්තර්ජාතික පාපන්දු සම්මේලන ඉදිරි වැඩසටහන් ඉදිරිපත් නොකිරීම
■    කැලණිය පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රගතිය
■    බැද්දගාන පාපන්දු සංකීර්ණය සඳහා කෘතිම තණතීරුවක් සැකසීම සහ ආරක්ෂිත වැටක් ඉදිකිරීම
■    බැද්දගාන පාපන්දු සංකීර්ණය සම්බන්ධයෙන් නීතිඥවරුන්ට කළ යුතු ගෙවීම්
■    නිලවරණ කමිටුව පත්කිරීම 
■    නිලවරණය සඳහා නාමයෝජනා භාරගැනීමේ සහ විවෘත කිරීමේ දින වකවානු පිළිබඳ තීරණය කිරීම
■    විධායක කමිටුවේ සහ මූල්‍ය කමිටුවේ අනුදැනුමකින් තොරව නව බඳවාගැනීම් කිරීම 
■    අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ විගණන කණ්ඩායමේ පැමිණීම
■    2016 දී රජයේ විගණකාධිපතිවරයා විසින් මතුකරන ලද කරුණු සම්බන්ධයෙන් විමසීම
■    ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වත්මන් සහ අනාගත මූල්‍ය තත්ත්වය
■    වෙනත් වැදගත් කරුණු

 

- 077


අදහස් (0)

විධායක කමිටුව රැස්වීමක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.