Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ලෝක කුසලාන තරගාවලියේ කුඩා අනුරුවක්

ලෝක කුසලාන තරගාවලියේ කුඩා අනුරුවක්

Nisanka Sandeepani - 2018 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන පාපන්දු තරගාමාලාවක් උදාවනතුරු වසර හතරක් පුරා බලාසිටීමට සිදුවන නිසා එම කාලසීමාව අඩු කිරීමේ අරමුණින් සෑම දෙවසරකට වතාවක්ම පුංචි පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීම කෙරෙහි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ අවධානය යොමුවී තිබේ. අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ මහතා මේ යෝජනාව ගෙනැවිත් තිබේ.

පාපන්දු ක්‍රීඩාව අන්තර්ජාතික මට්ටමෙන් ප්‍රතිසංස්කරණය කිරීමත් මේ යෝජිත පුංචි ලෝක කුෂලාන (Mini World Cup) අරමුණකි. 
‘අවසන් අට’ (Final 8) නමින් දැනටමත් හඳුන්වා දී ඇති මේ තරගාවලියට අන්තර්ජාතික කණ්ඩායම් එකතු කරගැනීමට පාපන්දු සම්මේලනය බලාපොරොත්තු වෙයි. එය ජාතීන් අතර ලීග් පාපන්දු තරගාවලියක් ලෙස පැවැත්වෙනු ඇත. 

වසර 2021 සිට සෑම වසර දෙකකට වතාවක්ම ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසයේදී තරගාවලිය පැවත්වීමට පාපන්දු සම්මේලනය අදහස් කර ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි. නව තරගාවලියට ඉඩ ලබාදීම සඳහා දැනට පැවැත්වෙන ‘කොන්ෆෙඩරේෂන් කප්’ තරගාවලිය ඉවත් කිරීමට ද අන්තර්ජාතික පාපන්දු සම්මේලනය අදහස් කර ඇතැයි වාර්තා වෙයි.

‘අවසන් අට’ තරගාවලියට අමෙරිකානු ඩොලර් බිලියන 25 ක් යෙදවීමට දැනටමත් ශක්තිමත් ආයෝජකයන් පිරිසක් කැමැත්ත පළ කර ඇතැයි ඉන්ෆැන්ටිනෝ මහතා පවසයි.

 -077

 


අදහස් (0)

ලෝක කුසලාන තරගාවලියේ කුඩා අනුරුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.