Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ලොව විශිෂ්ටතම පාපන්දු කී‍්‍රඩකයා මෙසී

ලොව විශිෂ්ටතම පාපන්දු කී‍්‍රඩකයා මෙසී

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 3333

 


අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවයේදී (2015) වසරේ පාපන්දු ක‍්‍රීඩකයා ලෙස ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක‍්‍රීඩක ලයනල් මෙසී සම්මාන දිනාගත්තේය. තවමත් 28 හැවිරිදි මෙසී වසරේ පාපන්දු ක‍්‍රීඩකයා ලෙස ‘රන් පන්දුව’ දිනාගත් පස්වැනි අවස්ථාව මෙය වේ.

සම්මාන ලාභී මෙසී ඡන්ද 41.33 % ක ප‍්‍රතිශතයක් ලබා ගැනීම කැපී පෙනේ.

මේ ස`දහා නිර්දේශව සිටි සුපිරි පාපන්දු ක‍්‍ර‍්‍රීඩකයන් වන පෘතුගාලයේ ක‍්‍රිස්ටියානෝ රොනල්ඩෝ (ඡන්ද 27.76 %) සහ බ‍්‍රසීලයේ නේමාර් ද සිල්වා (ඡන්ද 7.86) අභිබවමින් මෙසී සම්මානය හිමිකර ගත්තේය. මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය ස්විස්ටර්ලන්තයේ සුරිච් නගරයේදී පැවැත්විණ.

2013 සහ 2014 වසර දෙකේදීම මෙම සම්මාන හිමිකර ගෙන සිටියේ රියල් මැඞ්රිඞ් පාපන්දු පිලේ රොනාල්ඩෝ විසිනි. බර්සිලෝනා පිලට ක‍්‍රීඩා කරන නේමාර් ද සිල්වා වසරේ ක‍්‍රීඩකයා සම්මානය ස`දහා නිර්දේශ වු පළමු අවස්ථාව මෙයයි.

ලොව විශිෂ්ටතම පාපන්දු ක‍්‍රීඩකයන්ගෙන් යුත් බාර්සිලෝනා පිලේ නායකයා වන මෙසී 2009, 2010, 2011, 2012 යන වසරවලදී වසරේ පාපන්දු ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලබා තිබේ.

පසුගිය වසරේ පැවැති ලොව ප‍්‍රධානතම ක‍්‍රීඩා සමාජ පාපන්දු තරගාවලිවලදී මෙසී තරග 61 කට සහභාගිවී ගෝල 52 ක් ලබා ඇති අතර අවස්ථා 26 කදීම ගෝල ලබා ගැනීමට පන්දුව පිරිනමා තිබේ.

30 හැවිරිදි රොනල්ඩෝ තරග 57 කදී ගෝල 57 ක් ලබා පන්දුව පිරිනමා ඇත්තේ අවස්ථා 17 කට පමණි. ගෝල 45 ක් ලබා සිටින 23 හැවිරිදි නේමාර් අවස්ථා 13 කදීම පන්දු පිරිනමා තිබේ.

යුරෝපයේ පාපන්දු ක‍්‍රීඩා සමාජ අතර වාර්ෂිකව පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ලීග් පාපන්දු තරගාවලියේදී ඉතාලියේ යුවැන්තූස් පාපන්දු ක‍්‍රීඩා සමාජය ගෝල 3-1 කින් පරදවා බාර්සිලෝනා පිල ශූරතාව දිනාගත්තේය.

 

 

- 090

 


අදහස් (1)

ලොව විශිෂ්ටතම පාපන්දු කී‍්‍රඩකයා මෙසී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.