Last Update  :  2024-05-10 10:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ලුකාකුගේ ගෝල ද්විත්වයෙන් බෙල්ජියමට ජය

ලුකාකුගේ ගෝල ද්විත්වයෙන් බෙල්ජියමට ජය

Nisanka Sandeepani - 2018 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බෙල්ජියමේ රොමේලු ලුකාකුගේ ගෝල ද්විත්වය හේතුවෙන් කොස්ටරිකාවට එරෙහිව පැවති ලෝක කුසලාන පුහුණු තරගයෙන් ගෝල 4-1 ක පහසු ජයක් ලැබීමට බෙල්ජියම ඊයේ (11) සමත් විය. 

තරගයේ 24 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය ලබාගත් කොස්ටරිකාවේ බ්‍රයන් ලුයිස් ආරම්භයේදීම තරගය තමන් වෙත හරවා ගත්තද, 31 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ බෙල්ජියමේ  ඩ්‍රිස් මර්ටෙන්ස් ගෝලයක් වාර්තා කරමින් තරගය සම කළේය. රොමේලු ලුකාකු 42 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින් පළමු භාගයේ වැඩි ගෞරවය ඔවුන් වෙත හරවා ගැනීමට කටයුතු කළේය. 

දෙවන භාගය ආරම්භ වී මිනිත්තු 5ක පසු නැවතත් ගෝලයක් ලබාගත් ලුකාකු බෙල්ජියමේ ජයග්‍රහණයට වැඩි දායකත්වයක් ලබාදෙමින් ලෝක කුසලානයට පෙර හොඳ පෙරහුරුවක් ලබා ගත්තේය. 

කොස්ටරිකාව මෙවර ‘ඊ ’ කාණ්ඩයෙන් තරග වදිද්දී, බෙල්ජියම ‘ජී ’ කාණ්ඩයෙන් තරගාලියට එක්වෙයි. ජුනි 18 වැනිදා පැනමාවට එරෙහිව පිටියට පිවිසෙමින් තරගාවලියට එක්වන බෙල්ජියම ජුනි 23 වැනිදා ටිවුනීසියාවට එරෙහිව තරග වැදීමට නියමිතය. ‘ජී’ කාණ්ඩයේ අවසන් තරගය ජුනි 18 වැනිදා එංගලන්තය සහ බෙල්ජියම අතර පැවැත්වෙනු ඇත. 

ජුනි 17 වැනිදා සර්බියාවට එරෙහි තරගයෙන් තරගාවලියට එක්වන කොස්ටරිකාව ජුනි 22 වැනිදා ප්‍රබල බ්‍රසීලය සමගින් තරග වැදීමට නියමිතය. ‘ඊ’ කාණ්ඩයේ පළමු වටයේ අවසන් තරගය ස්විට්සර්ලන්තය සහ කොස්ටරිකාව සමගින් ජුනි 27 වැනිදා පවත්වනු ලැබේ.  

-024

 


අදහස් (0)

ලුකාකුගේ ගෝල ද්විත්වයෙන් බෙල්ජියමට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.