Last Update  :  2024-05-10 23:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner රොනාල්ඩෝ දඩය ගෙවන්න කැමතිවෙයි

රොනාල්ඩෝ දඩය ගෙවන්න කැමතිවෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර දෙකක සිර දඬුවමකටද යටත් වීම වෙනුවට යූරෝ මිලියන 18.8 ක දඩ මුදලක් ගෙවා දමා මහත් ආන්දෝලනයකට තුඩුදුන් බදු ගෙවීම මඟහැරීමේ චෝදනාව නිමා කරගැනීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ එකඟතාව පළ කර ඇතැයි පෘතුගාලයේ එල් මුන්ඩෝ පුවත්පත කියයි.

කෙසේවුවත් මේ ගනුදෙනුව යටතේ ඔහුට සිරගතවීමෙන් වැළකී සිටීමේ අවස්ථාව උදාවී ඇතැයිද  පැවැසේ. එසේ වන්නේ පෘතුගාල නීතියට අනුව පළමුවතාවට මෙවැනි සිරදඬුවමකට යටත්වන පුද්ගලයන්ගේ පළමු මාස 6ක අත්හිටවූ දඬුවමක කාලයක් ලෙස ගත කිරීමට හැකියාව ඇති බැවිනි.

මිලියන 14.7ක බදු මුදලක් නොගෙවා මඟ හැරීම ගැන මේ 33 හැවිරිදි පෘතුගාල ක්‍රීඩකයාට චෝදනා එල්ලවී තිබු අතර ඔහු සිය නියෝජිතයා හරහා එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබිනි. එසේ වුවත් මුල්පෙළ පාපන්දු ක්‍රීඩකයන් බදු නොගෙවා මඟ හැරීම ගැන දැඩි පියවර ගැනීමට එරට උසාවිය පසුගියදා තීරණය කළේය.

මෙවැනිම ආදායම් බදු චෝදනාවක් නිසා පසුගිය වසරේදී ආජන්ටිනාවේ ලයනල් මෙසීට මාස 21ක සිර දඬුවමකට යටත්වීමට සිදුවිය. එහෙත් ස්පාඤ්ඤ නිතියට අනුව සිර දඬුවමක් දඩ මුදලකට හරවා ගැනීමට හැකියාව තිබේ.


-  077

 


අදහස් (0)

රොනාල්ඩෝ දඩය ගෙවන්න කැමතිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.