Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner රිනවුන් - යුද හමුදාව අවසන් තරගයට

රිනවුන් - යුද හමුදාව අවසන් තරගයට

රොෂාන් ගුණරත්න - 2016 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන කාගීල්ස් පුුඞ් සිටි එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට යුද හමුදා කණ්ඩායම සහ රිනවුන් කණ්ඩායම සුදුසුකම් ලැබීය. තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග ඊයේ (1) පස්වරුවේ කොළඹ පැරණි තුරග තරග පිටියේදී පැවැත්විණ.


ගියවර ශූරයන් වු කොළඹ කණ්ඩායම පරදවමින් මෙවර අවසන් මහා තරගයට යුද හමුදාව සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනේ. යුද හමුදා කණ්ඩායම විසින් කොළඹ කණ්ඩායම ඊයේ පරාජය කරනු ලද්දේ ගෝල 1-0 කිනි. සජිත් කුමාර යුද හමුදාවට ජය ගෙන දෙමින් ගෝලය ලබා ගත්තේ තරගයේ 20 වැනි මිනිත්තුවේදීය.


රිනවුන් කණ්ඩායම සහ සෝන්ඩර්ස් කණ්ඩායම අතර පැවැති අවසන් පුර්ව තරගයෙන් ද`ඩුවම් පහර 4-2 ක ජයක් ලබා ගැනීමට රිනවුන් ක‍්‍රීඩකයෝ සමත්වුහ. තරගයේ නියමිත කාලයේ මෙන්ම අතිරේක කාලයේද දෙපිලම ගෝල ලබා ගැනීමට අපොහොසත්වීම නිසා ද`ඩුවම් පහර ම`ගින් ජයග‍්‍රාහී කණ්ඩායම තෝරා ගැනිණ.


එම්. එෆ්. රහුමන්,  ඕ. එෆ්. අග්බති, එම්. අයි. එම්. උමයිඞ්, එම්. සී. එම්. රිෆ්නාස් ජයග‍්‍රාහී රිනවුන් කණ්ඩායමේ ගෝල හතර ලබාගත් අතර සෝන්ඩර්ස් කණ්ඩායමේ ඞී. ඞී. එස්. ධර්මපාල සහ ඒ. ජී. අයි. උදාර ගෝල දෙක ලැබුහ.


දිගින් දිගටම පැවැති වර්ෂාව නිසා මෙම අවසන් පුර්ව තරග පැවැත්වීම දිනෙන් දින කල් දැමීමට සංවිධායකවරුන්ට සිදුවිය.


කාගීල්ස් ෆුඞ් සිටි අනුග‍්‍රහය දක්වන මෙම තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට රුපියල් 700,000 ක්ද, අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායමට රුපියල් 500,000 ක්ද සමග කුසලාන පිරිනැමේ.


යුද හමුදා කණ්ඩායම සහ රිනවුන් කණ්ඩායම අතර අවසන් මහා තරගය මේ මස 11 වැනිදා පස්වරු 5.00 ට කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

රිනවුන් - යුද හමුදාව අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.