Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner යුද හමුදා කී‍්‍රඩකයෝ එෆ්. ඒ. කුසලාන දිනති

යුද හමුදා කී‍්‍රඩකයෝ එෆ්. ඒ. කුසලාන දිනති

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කළ කාගීල්ස් ෆුඞ් සිටි එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුද හමුදා ක‍්‍රීඩකයෝ සමත්වුහ.

කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ ඊයේ (11) සවස පැවැති අවසන් මහා තරගයේදී යුද හමුදා කණ්ඩායම විසින් රිනවුන් කණ්ඩායම ගෝල 3-1 කින් පරාජය කරන ලදී.

යුද හමුදා කණ්ඩායම, එෆ්. ඒ. කුසලාන පාපන්දු ශූරතාව දිනාගත් සිවුවැනි අවස්ථාව මෙයවේ. යුද හමුදාව පළමු ජයග‍්‍රහණ වාර්තා කර ඇත්තේ 1960 වසරේ රත්නම් කණ්ඩායම පරදවමිනි. 2011 වසරේ දොන් බොස්කෝ කණ්ඩායමත්, 2013 වසරේ කඵතර බ්ලූස්ටාර් යන කණ්ඩායමත් පරදවමින් යුද හමුදාව එෆ්.ඒ. කුසලාන දිනා ගෙන තිබේ.

තරගයේ පළමු අර්ධයේදී දෙපිලම ගෝල 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවිය.

තරගයේ 15 වැනි මිනිත්තුවේදී රිනවුන් කණ්ඩායමේ එම්. සී. එම්. රිෆ්නාස් පළමු ගෝලය ලබාගත් අතර 45 වැනි මිනිත්තුවේදී යුද හමුදාවේ ධනුෂ්ක විජේසිරි ගෝලයක් ලැබීය.

රිනවුන් කණ්ඩායමේ සිටි විදෙස් ක‍්‍රීඩක ෆ‍්‍රැන්සිස් අග්බත්ති රතු කාඞ්පතක් ලැබීම නිසා පිටියෙන් ඉවත් වීමෙන් තරගයේ දෙවැනි අර්ධයේදී රිනවුන් පිල ක‍්‍රීඩකයන් 10 දෙනකුගෙන් තරග වැදුණි. තරගයේ 60 සහ 90 මිනිත්තුවලදී එම්. එන්. එම්. ඉසදීන්, ජයග‍්‍රහණය යුද හමුදාවට ගෙන දෙමින් ගෝල දෙකම ලබා ගත්තේය.

තරගාවලියේ වටිනාම ක‍්‍රීඩකයා සම්මානය යුද හමුදාවේ ධනුෂ්ක විජේසිරි දිනාගත් අතර යුද හමුදාවේ කුමාර සිරිසේන, දක්ෂතම දැල් රකින්නා සම්මානය හිමිකර ගත්තේය.

කාගීල්ස් ෆුඞ් සිටි අනුග‍්‍රහය දැක්වු මෙම තරගාවලියේ ශූරතාව දිනාගත් යුද හමුදා කණ්ඩායමට රුපියල් 750,000 ක්ද, අනුශූරතාව හිමිකරගත් රිනවුන් කණ්ඩායමට රුපියල් 500,000 ක්ද සමග කුසලාන පිරිනැමිණ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඡායාරූප : වරුණ කරුණාසේකර

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

(ඡායාරූප : වරුණ කරුණාසේකර)

අදහස් (0)

යුද හමුදා කී‍්‍රඩකයෝ එෆ්. ඒ. කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.