Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner යාපනය ශා. හෙන්රි කී‍්‍රඩකයෝ කුසලාන දිනති

යාපනය ශා. හෙන්රි කී‍්‍රඩකයෝ කුසලාන දිනති

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘කොත්මලේ චොක්ස්’ කුසලාන වෙනුවෙන් පැවැති වයස 19 න් පහළ පාසල් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යාපනය ශාන්ත හෙන්රි විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ.

කොළඹ තුර`ග තරග ක‍්‍රීඩාංගණයේදී සිකුරාදා (19) පැවැති අවසන් මහා තරගයේදී කොළඹ සහිරා විදුහල් කණ්ඩායම ගෝල 3-1 කින් පරදවා යාපනය ශාන්ත හෙන්රි විදුහල් කී‍්‍රඩකයෝ මෙම විශිෂ්ට ජයග‍්‍රහණ ලැබූහ.
 
තරගයේ 41 වැනි මිනිත්තුවේදී සහිරා විදුහලේ එම්. මුෂාරෆ්ගේ පාදයේ වැදුණු පන්දුව අනපේක්‍ෂිත ලෙස සහිරා දැළ තුළට ඇදී යාම නිසා ප‍්‍රතිවාදීන්ට ගෝලයක් ලැබීමෙන් යාපනය කී‍්‍රඩකයෝ 1-0 ක් ලෙස පෙරමුණ ගත්හ.

කෙසේ වෙතත් 45 වැනි මිනිත්තුවේදී සහිරා විදුහල් පිලේ එම්. එෆ්. ෆරෝද් ගෝලයක් ලබා ගැනීමට සමත් වු අතර ගෝල 1-1 ක් ලෙස ලකුණු තත්ත්වය සමවිය.

දෙපිලම සම තත්ත්වයේ සිටියදී තරගයේ විවේක කාලය ලැබුණ නමුත් තරගයේ 67 වැනි මිනිත්තුවේදී ජී. අන්තෝනිරාජ් ලබාගත් ගෝලයෙන් යාපනය කී‍්‍රඩකයෝ පෙරමුණ ගත්හ. අනතුරුව 73 වැනි මිනිත්තුවේදී ඒ. බී. අනෝජන් තවත් ගෝලය ලබා ගත් හෙයින් ශාන්ත හෙන්රි විදුහලට ජය හිමිවිය.

තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස ශාන්ත හෙන්රි විදුහල් කණ්ඩායමේ ඒ. බී. අනෝජන් සම්මාන දිනාගත් අතර එම විදුහල් කණ්ඩායමේ යු. අමල්රාජ් දක්ෂතම ගෝල රකින්නා ලෙස සම්මාන ලැබීය.

අවසන් පුර්ව වටයේදී ශාන්ත හෙන්රි විදුහල විසින් කඵතර සිරිකුරුස විදුහල ගෝල 8-0 කින් පරාජය කරන ලද අතර සහිරා විදුහල විසින් කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල ගෝල 2-0 ක් ලෙසින් පරාජය කරන ලදී.

තුන්වැනි ස්ථානය තේරීමේ තරගයේදී කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල ගෝල 1-0 කින් පරදවා කඵතර සිරිකුරුස විදුහල තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කළ මෙම තරගාවලියට පාසල් කණ්ඩායම් 24 ක් සහභාගි වූහ.


- 090

 

ඡායාරූප : ප‍්‍රසන්න ප‍්‍රනාන්දු

 

 

 

 

 

 

 

 

 

 

 


අදහස් (0)

යාපනය ශා. හෙන්රි කී‍්‍රඩකයෝ කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.