Last Update  :  2024-05-10 17:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner මොරොක්කෝව හොඳ සූදානමක

මොරොක්කෝව හොඳ සූදානමක

Nisanka Sandeepani - 2018 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තවත් දින 9 කින් ආරම්භ වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වන රටවල් අතර පෙරහුරු තරගයකදී  මොරොක්කෝව විසින් ස්ලෝවැකියාව ගෝල 2-1 කින් පරාජය කරන ලදි. මෙම තරගය ඊයේ ( 4 වැනිදා ) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්විණ. 

තරගයේ 59 වන මිනිත්තුවේදී පළමු ගෝලය ලබාගත් ස්ලෝවැකියාවේ ජෑන් ග්‍රේගස් ස්ලෝවැකියාවට බලාපොරොත්තු ගෙන දුන්නද, ඉන් මිනිත්තු 5ක් යාමටත් මත්තෙන්  මොරොක්කෝවේ ඉල් කාබි පළමු ගෝලය වාර්ථා කළේය. 

ලකුණු තත්ත්වය සමවීම හේතුවෙන් තරගය වඩාත් උණුසුම් මුහුණුවරක් ගත් නමුත් 74 වන මිනිත්තුවේදි ගෝලයක් වාර්ථාකළ යුනෙස් බෙල්හැන්ඩා මොරොක්කෝවට  ජය ගෙනෙමින් ලෝක කුසලානයට පෙර හොඳ සූදානමක් ලබා ගත්තේය. 

මොරොක්කෝව මෙවර ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත් වන්නේ වසර 20 කට පසුව වීමද විශේෂත්වයකි. මෙවර ‘බී ’ කාණ්ඩයෙන් තරග වදින මොරොක්කෝව ජුනි 15 වැනිදා ඉරානයට එරෙහි තරගයෙන් තරගාවවලියට අවතීර්ණ වෙයි. පෘතුගාලය සමගින් ජුනි 20 වැනිදා සහ ස්පාඤ්ඤය සමගින් ජුනි 25 වැනිදා පළමු වටයේ තරග සඳහා සහභාගී වේ. 

-024

 

 


අදහස් (0)

මොරොක්කෝව හොඳ සූදානමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.