Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner මෙසීට ඔප්පු කරන්න දෙයක් ඉතිරිවෙලා නෑ

මෙසීට ඔප්පු කරන්න දෙයක් ඉතිරිවෙලා නෑ

ශනුක අරවින්ද - 2018 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාපන්දු ලෝක කුසලාන තරගාවලියකදී ආර්ජන්ටිනාවට ජයග්‍රහණය ගෙන ඒමට දායකත්වය දුන් ඩියාගෝ මැරඩෝනා පවසන පරිදි වර්තමාන ආජන්ටිනා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ලයනල් මෙසීට ආජන්ටිනාව වෙනුවෙන් ඔප්පු කිරීමට කිසිවක් ඉතිරිව නැත.

මීට වසර 4කට පෙර බ්‍රසීලයේ පැවති ලෝක කුසලාන තරගවලියේදී ජර්මනිය හමුවේ අවසන් තරගයේදී පරාජයට පත් වීම නිසා මෙසී ඇතුලු සගයන්ට එවර අනුශූරතාවයෙන් සෑහීමට සිදු විය. අවසන් තරගයේදී ලයනල් මෙසීට දක්ෂතා අතරට ඒමට නොහැකි වූ අතර ලබාගත් එකම ගෝලයද මාරියෝ ගොට්සි විසින් අමතර කාලයේදී ලබා ගත්තේය.

මැරඩෝනා 1986 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහී ආජන්ටිනා කණ්ඩායම නියෝජනය කළ අතර ඉන් වසර 4 කට පසුව පැවති තරගාවලියේදී නායකයා ලෙස කණ්ඩායම මෙහෙයවුවත් ඔහුගේ නායකත්වය යටතේ පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට නොහැකි විය.

මෙසිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම තුන් වතාවක්ම විවිධ ආකාරයේ ප්‍රධාන තරගාවලිවලදී අවසන් මහ තරග පරාජයට පත් වී ඇති අතර 2016 වසරේ පැවති කෝපා ඇමරිකා තරගාවලියේ අවසන් තරගයේදී චිලි රාජ්‍යයට එරෙහිව පරාජය විය.

“ක්‍රීඩා කරන විදිය සහ තරගය වින්දනය කරන ආකරය පිළිබද මෙසීට උපදෙසක් දෙන්න කැමතියි” යයි කී මැරඩෝනා

“ඔහුට ලෝක කුසලානය දිනා ගැනීමට හැකිවුනත් නැතත්, ඔහුට විවේචකයන් අමතක කරන්න වෙනවා... ඒ වගේම ඔවුන්ට මෙවර දිනන්න හොඳ අවස්ථාවක් තියෙනවා කියලා මම හිතනවා...නමුත් මම කවදාවත් ආජන්ටිනාව මගේ ප්‍රියතම කණ්ඩායම ලෙස තෝරා ගන්නෙ නැහැ. එයට හේතුව ප්‍රියතම කණ්ඩායම නොවෙයි කවදාවත් දිනන්නේ” යැයි ද මැරඩෝනා වැඩි දුරටත් පවසා සිටියේය.

හිටපු ක්‍රීඩක මැරඩෝනා සහ වත්මන් ක්‍රීඩක ලයනල් මෙසී එකිනෙකාට සැසඳිය හැකි නමුත් එසේ සැසඳීම ප්‍රයෝජනයක් නැතැයි ආජන්ටිනා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක හෙනන් ක්‍රෙස්පෝ කියයි.

“මෙසී සහ මැරඩෝනා යනු ආජන්ටිනා පාපන්දු ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන් දෙදෙනෙක්... මේ මොහොතේ අප කළ යුත්තේ ඔවුන් දෙදෙනා සන්සන්දනය කිරීම නොව ඔවුන් දෙස බලා ඔවුන්ගේ ක්‍රීඩාව රසවිඳීමයි” යයි ක්‍රෙස්පෝ වැඩි දුරටත් පවසා සිටියේය.

-024


අදහස් (0)

මෙසීට ඔප්පු කරන්න දෙයක් ඉතිරිවෙලා නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.