Last Update  :  2024-05-20 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner මුල් වරට ජාවාලේන් අවසන් සටනට

මුල් වරට ජාවාලේන් අවසන් සටනට

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලි ඉතිහාසයේ පළමු වරට අවසන් මහ තරගයක් සඳහා සුදුසුකම් ලබාගැනීමට ජාවාලෙන් ක්‍රීඩා සමාජය ඊයේ (13 වැනිදා) සමත් විය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී දඬුවම් පහර 5-3 ක් ලෙස සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ජාවාලෙන් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.  

නියමිත කාලය අවසන් වන විට දෙපිලම ගෝලය බැගින් ලබා සම තත්ත්වයේ පසුවීම නිසා තරගයේ ජයග්‍රාහකයන් තෝරා ගැනීමට දඬුවම් පහර ක්‍රියාත්මක කිරීමට සිදුවිය. එහිදී දඬුවම් පහර 5 ම සාර්ථක කරගැනීමට ජාවාලෙන් ක්‍රීඩා සමාජය සමත් වූ අතර සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට සාර්ථක කරගත හැකි වූයේ දඬුවම් පහර 3 ක් පමණි.

තරගයේ 61 වැනි මිනිත්තුවේදී සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝලයක් ලබාගැනීමට එස්. නිරේෂ් සමත් වූ අතර 74 වැනි මිනිත්තුවේදී ජාවාලෙන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝලයක් ලබාගැනීමට ජූඞ් නිකලස් සමත් විය.

මෙම තරගයේදී ජාවාලෙන් ක්‍රීඩා සමාජයේ මුනීර් සැලීද, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ එස්. නිරේෂ්ද කහ කාඞ්පත් ලැබූහ.

ජාවාලෙන් ක්‍රීඩා සමාජය මේ මස 20 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහ තරගයේදී යුද හමුදා කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය.


- 036

 


අදහස් (0)

මුල් වරට ජාවාලේන් අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.