Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner මාරිස්ටෙලා - ශා. පීතර කරට කර තරගයක්

මාරිස්ටෙලා - ශා. පීතර කරට කර තරගයක්

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘කොත්මලේ’කුසලාන වයස 19 න් පහළ පාසල් පාපන්දු තරගාවලිය (2016) ආරම්භ කරමින් ඊයේ (27) කොළඹ තුරඟ තරග පිටියේ පැවැති මීගමුව මාරිස්ටෙලා විදුහල් කණ්ඩායම සහ කොළඹ ශාන්ත පීතර විදුහල් කණ්ඩායම අතර ‘ඞී’ කාණ්ඩයේ තරගය ජය පැරදුමෙන් තොරව අවසන්විය.

තරගයේ නියමිත කාලය අවසානයේදී දෙපිලම ගෝල 2-2 ක් ලෙස සමව සිටියේය.
 
මාරිස්ටෙලා කණ්ඩායම වෙනුවෙන් බී. එම්. සජිඞ් තරගයේ 20 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබාගත් අතර එම්. එන්. ටී. සිල්වා තරගයේ 40 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලැබීය. ශාන්ත පීතර විදුහල් කණ්ඩායමේ එස්. රසූනියා තරගයේ 48 සහ 68 යන විනාඩිවලදී ගෝල දෙක ලබා ගැනීමට සමත්විය.

ඒ, බී, සී සහ ඞී ලෙස කාණ්ඩ හතරක් යටතේ මුලික වටයේ තරග පැවැත්වෙන මෙවර තරගාවලියට ආරාධිත පාසල් 28 ක් ඉදිරිපත්ව සිටියි. ලීග් ක‍්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියේ තරග 92 ක් පැවැත්වීමට නියමිතය.

තරගාවලිය අදියර දෙකක් යටතේ මැයි මස සිට ජුනි මස දක්වා ද, දෙවැනි අදියර සැප්තැම්බර් මස සිට ඔක්තෝබර් මස දක්වා ද පැවැත්වීමට නියමිතය.

පසුගිය වසරේ පාසල් 24 ක සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ ශූරතාව යාපනය හෙන්රි විදුහල විසින් දිනාගන්නා ලදි.

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන මෙම තරගාවලියට ‘කොත්මලේ’ අනුග‍්‍රහය දක්වන්නේ තෙවැනි වරටය.


තරගාවලියට සහභාගිවන පාසල් :

‘ඒ’ කාණ්ඩය:
කොළඹ හමීඞ් අල් හුසේන්, කොළඹ ආනන්ද, කොළඹ රාජකීය, මහනුවර ත‍්‍රිත්ව, කුරුණෑගල මලියදේව, මාතර රාහුල සහ යාපනය ශාන්ත හෙන්රි යන විදුහල්

‘බී’ කාණ්ඩය:
මහනුවර ධර්මරාජ, ගල්කිස්ස ශාන්ත තෝමස්, කොළඹ වෙස්ලි, වෙන්නප්පුව ජෝශප් වාස්, කොළඹ ලූම්බිණි, හැටන් ශ‍්‍රීපාද, කොළඹ සහිරා යන විදුහල්

‘සී’ කාණ්ඩය:
ක`දාන ද මැසනොද්, මහනුවර කිංග්ස්වුඞ්, මීගමුව ශාන්ත මරියා, කොළඹ ශාන්ත ජෝශප්, කොටහේන ශාන්ත බෙනඩික්, බදුල්ල ධර්මදුත සහ කඵතර සිරි කුරුස යන විදුහල්

‘ඞී’ කාණ්ඩය:
කොළඹ ශාන්ත පීතර, මීගමුව මාරිස්ටෙලා, යාපනය ශාන්ත ප‍්‍රැට්රික්, මාතර ශාන්ත තෝමස්, පිළියන්දල හර්මන් ග්මිනර් සහ කටුනේරිය ශාන්ත සෙබස්තියන් යන විදුහල්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මීගමුව මාරිස්ටෙලා විදුහල් කණ්ඩායම සහ කොළඹ ශාන්ත පීතර විදුහල් කණ්ඩායම අතර ‘ඞී’ කාණ්ඩයේ තරගයේ අවස්ථා

 

 

 


අදහස් (0)

මාරිස්ටෙලා - ශා. පීතර කරට කර තරගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.