Last Update  :  2024-05-10 11:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner බෝහැඩෝස්ගේ අතපසු වීමෙන් ඉරානයට ජය

බෝහැඩෝස්ගේ අතපසු වීමෙන් ඉරානයට ජය

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරොක්කෝවේ අසීස් බෝහැඩෝස් තරගයේ අවසන් මොහොතේ හිසෙන් එල්ල කළ පහර තමන්ගේම දැල වෙත පතිත වීම හේතුවෙන් මොරොක්කෝවට අවසන් මොහොතේ ඉරානය හමුවේ ගෝල 1-0 කින් පරාජය වීමට සිදු විය. ‘බී ’ කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) නිමාවට පත් විය.

තරගයේ නියමිත කාලය තුළදී දෙපිළටම කිසිදු ගෝලයක් ලබා ගැනීමට නොහැකි වුවත් ලබාදුන් අමතර කාලයෙන් උපරිම ඵල නෙලාගත් ඉරානය පළමු තරගයෙන්ම ජය වාර්තා කිරීමට සමත්විය.  

ලෝක කුසලාන තරගයක් තුළ ඉරානය ලැබූ දෙවන ජයග්‍රහණය මෙය වන අතර එයද තමන්ගේම දැල වෙත පන්දුව යොමුකිරීම හමුවේ ජය ගැනීමද විශේෂත්වයකි. 1998 වසරේ ඇමරිකාවට එරෙහි පැවැති තරගය ගෝල 2-1 ක් ලෙස  ජයග්‍රහණය කළ ඉරානය අද තරගය හැර කිසිදු තරගයක් ලෝක කුසලාන තරගාවලියක ජය ගැනීමට හැකියාව ලැබී නැත.

පළමු භාගය අවසානයේ කණ්ඩායම් දෙකම තරගයට අවතීර්ණ වුවත් දෙපිලටම ලකුණු ලබා ගැනීමට නොහැකි විය. තරගය ආරම්භ වී මිනිත්තු 10 කට පසු ඉරාන කණ්ඩායමේ නායක මැසෝද් ශෝජායිට කහ පැහැති කාඞ්පත නිකුත් කිරීම නිසා තරගය ආරම්භයේදීම කණ්ඩායමෙන් ඉවත්වීමට ඔහුට සිදුවිය.

පළමු භාගය නිමාවීමට මිනිත්තු 2ක් තිබියදී ඉරානයේ සර්දාර් ඇස්මෝන් විසින් එල්ල කළ පහර  මොරොක්කෝවේ දැල්රකින ක්‍රීඩක මොනිර් ඇල් කජෝයි විසින් අවහිර කිරීම නිසා පළමු භාගය දෙපිළටම ලකුණු නොලබාම අවසන්විය.

දෙවන භාගයේදීද කණ්ඩායම් දෙකම කරටකර තරගයක නිරත වුවත් එම කාලය තුළදීද කිසිවෙකුට ගෝලයක් වාර්තා කිරීමට හැකියාවක් නොලැබුණි. ‘ඒ ’ කාණ්ඩයෙන් අද (15) පැවැති උරුගුවේ සහ ඊජිප්තු තරගයද අවසන් මොහොතේදී උරුගුවේ ගෝල 1-0 කින් ඊජිප්තුව පරාජයට පත් කළේය.

මොරොක්කෝවේ අමීන් හැරිට් අද තරගයේ වීරයා ලෙස නම් කෙරිණි. මෙවර තරගාවලියේදී ඉරානය, මොරොක්කෝව, ස්පාඤ්ඤය සහ පෘතුගාලය ‘බී ’ කාණ්ඩයෙන් තරග වදින අතර අද ‘බී’ කාණ්ඩයෙන් ස්පාඤඤ්ය සහ පෘතුගාලය පළමු වටයේදී මුණගැසීමට නියමිතය.

 

- 024


අදහස් (0)

බෝහැඩෝස්ගේ අතපසු වීමෙන් ඉරානයට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.