Last Update  :  2024-05-10 17:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner බ්‍රසීලයට 3-0ක පහසු ජයක්

බ්‍රසීලයට 3-0ක පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේමාර්, ගේබ්‍රියෙල් ජේසස් සහ ෆිලිප් කව්ටිනෝ යන බ්‍රසීලයේ විශිෂ්ටතම ප්‍රහාරක ත්‍රිත්වය හේතුවෙන් ඕස්ට්‍රියාවට එරෙහිව පැවැති පාපන්දු ලෝක කුසලාන අවසන් පෙරහුරු තරගයෙන් ගෝල 3-0ක පහසු ජයක් ලැබීමට බ්‍රසීලය ඊයේ (10) සමත් විය. මෙම තරගය ඕස්ට්‍රියාවේ වියානා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

තරගයේ 36 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ බ්‍රසීලයේ ගැබ්‍රියෙල් ජේසුස් පළමු ගෝලය වාර්තා කරමින් පළමු භාගය අවසානයේ බ්‍රසීලය පෙරමුණේ තැබීමට සමත් විය. නැවතත් 63වැනි මිනිත්තුවේ ක්‍රියාත්මක වූ බ්‍රසීලයේ විශිෂ්ටතම ප්‍රහාරාත්මකයා වන නේමාර් ගෝලයක් වාර්තා කළේය. තරගයේ 69 වන මිනිත්තුවේදී නැවතත් ගෝලයක් ලබාගත් බ්‍රසීලය මෙම තරගය පහසුවෙන්ම ජය ගත්තේය.

පාදයේ ඇතිවූ ආබාධයත් සමග මාස 3කට අධික කාලයක් පාපන්දු පිටියෙන් ඈත්ව සිටීමට නේමාර්ට සිදුවුවත් අවසන් මොහොතේ ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත බ්‍රසීල සංචිතයට එක් වීමට ඔහුට හැකිවිය. බ්‍රසීලයට ආශිර්වාදයක් වූ නේමාර්ගේ පැමිණීමෙන් ඊයේ දිනයේ දක්වන ලද දක්ෂතා නිසා අනෙකුත් පාපන්දු කණ්ඩායම් නේමාර් දෙස දැඩි අවධානයෙන් බලන බව නම් සැබෑය.

බ්‍රසීලය මෙවර ‘ඊ ’ කාණ්ඩයෙන් තරගාවලියට එක්වෙයි. ජුනි 17 වැනිදා ස්විට්සර්ලන්තයට එරෙහි තරගයෙන් තරගාවලියට එක්වන බ්‍රසීලය ජුනි 22 වැනිදා කොස්ටරිකාව සමගින් තරග වැදීමට නියමිතය. ‘ඊ ’ කාණ්ඩයේ අවසන් තරගය ජුනි 27 වැනිදා සර්බියාව සහ බ්‍රසීලය සමග පැවැත්වෙනු ඇත.


- 024


අදහස් (0)

බ්‍රසීලයට 3-0ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.