Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner බ්‍රසීල ක්‍රීඩක ඇල්වස්ට ලෝක කුසලාන අහිමිවෙයි

බ්‍රසීල ක්‍රීඩක ඇල්වස්ට ලෝක කුසලාන අහිමිවෙයි

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ඩැනී ඇල්වස් ආබාධයකට ලක් වීම නිසා මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය  අහිමි වී යනු ඇත.  

බ්‍රසීල ජාතික කණ්ඩායම මේ පිළිබඳව ඉන්සටර්ග්‍රැම් ගිණුමේ සටහනක් තබමින් ඊයේ (11) නිවේදනයක් නිකුත් කර තිබිණ.
 
කෝප් ද ෆෑරෑන්ස් කුසලානයේ අවසන් මහතරගයට ක්‍රීඩා කරමින් සිටියදී ඔහු ආබාධයට ලක්විය. ඒ හේතුවෙන් ඩැනීට ශල්‍යකර්මයක් කළ යුතු අතර මාස 6ක් පාපන්දු පිටියෙන් ඉවත් වී සිටීමට සිදුවනු ඇත.

බ්‍රසීල ජාතික කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ 35 හැවිරිදි ඩැනී ඇල්වස් බ්‍රසීලය වෙනුවෙන් තරග 107කට ක්‍රීඩා කළ පලපුරුදු ක්‍රීඩකයෙකි.

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය රුසියාවේ සත්කාරකත්වයෙන් ජුනි 15 වැනිදා ආරම්භ වීමට නියමිතය.

ජුනි මස 17 වැනිදා ස්විස්ටර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් බ්‍රසීලය මෙවර ලෝක කුසලාන තරගාවලියට අවතීර්ණ වනු ඇත.

පස්වතාවක් පාපන්දු ලෝක කුසලාන දිනා ඇති බ්‍රසීලය, මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඊ කාණ්ඩයෙන් ක්‍රීඩා කරයි.


- 024
 

 


අදහස් (0)

බ්‍රසීල ක්‍රීඩක ඇල්වස්ට ලෝක කුසලාන අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.