Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner බ්ලැටර්ට - ප්ලැටිනිට වසර 8 ක් පාපන්දු තහනම්

බ්ලැටර්ට - ප්ලැටිනිට වසර 8 ක් පාපන්දු තහනම්

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති සෙප් බ්ලැටර් සහ උප සභාපති මිචෙල් ප්ලැටිනි දෙදෙනාට වසර 8 ක පාපන්දු තහනමක් පැනවීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ආචාර ධර්ම සම්බන්ධ විනිශ්චය සභාවකින් අද (සඳුදා) පියවර ගත්තේය.

මිචෙල් ප්ලැටිනි මහතාට ගෙවන ලද ස්විස් ෆ‍්‍රෑන්ක් මිලියන දෙකක් සම්බන්ධයෙන් මෙම නිලධාරීන් දෙදෙනාම තමන්ගේ ධූර අවභාවිත කර ඇතැයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ආචාර ධර්ම විනිශ්චය සභාව සිය තීරණය ප‍්‍රකාශයට පත්කරමින් කියා සිටී.

ලොව ජනපි‍්‍රයතම කී‍්‍රඩාව ලෙසින් සැලකෙන පාපන්දු කී‍්‍රඩාවේ වඩාත්ම ප‍්‍රබල පුද්ගලයන් දෙදෙනාට එරෙහිව පනවන ලද මෙම තහනම ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කෙරෙන පාපන්දු කී‍්‍රඩාව වර්තමානයේදී මුහුණ දී සිටින අර්බුදය වඩාත් තීව්ර කරවන්නකි.

සභාපතිවරයා වන ජෝෂප් බ්ලැටර් මහතා 79 හැවිරිදි වියේ පසුවන අතර 1998 සිටම අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති තනතුර හොබවයි. යුරෝපා පාපන්දු සංගමයේ සභාපතිවරයා වන, 60 හැවිරිදි මිචෙල් ප්ලැටිනි මහතා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ උප සභාපතිවරයකුද වෙයි.

බ්ලැටර් මහතාට මෙන්ම මිචෙල් ප්ලැටිනි මහතාටද පනවා ඇති වසර 8 තහනමට අමතරව බ්ලැටර් මහතාට ස්විස් ෆ‍්‍රෑන්ක් 50,000 ක දඩයක් පැනවීමටත් මිචෙල් ප්ලැටිනි මහතාට ස්විස් ෆ‍්‍රෑන්ක් 80,000 ක දඩයක් පැනවීමටත් ෆිෆා විනිශ්චය සභාව තීරණය කළේය.

ලබන වසර මුලදී බ්ලැටර් මහතා සිය තනතුරෙන් ඉවත්ව යාමත් සමගම බ්ලැටර් මහතාගේ ස්ථානය ගැනීමට ප්ලැටිනි මහතා බලාපොරොත්තුවෙන් සිටියද මෙම තහනමත් සමග ඔහුගේ බලාපොරොත්තු සියල්ලම වතුරේ ගසාගෙන යන තත්ත්වයක් ඇතිවී තිබේ.

 


අදහස් (0)

බ්ලැටර්ට - ප්ලැටිනිට වසර 8 ක් පාපන්දු තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.