Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ප‍්‍රතිවාදීන් නොදැන පුහුණුව අරඹයි

ප‍්‍රතිවාදීන් නොදැන පුහුණුව අරඹයි

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉන්දියාවේදී පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ කාන්තා පාපන්දු තරගාවලිය ඉලක්ක කරමින් ශ‍්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩිකාවෝ මේ දිනවල කොළඹ තුරඟ පිටිය සහ සිටි ලීග් ක‍්‍රීඩාංගණවලදී පුහුණුවීම්වල නිරත වෙති.

ක‍්‍රීඩිකාවන් මෙලෙස පුහුණුවීම්වල නිරතවුව ද තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගයේ ප‍්‍රතිවාදී කණ්ඩායම හදුනාගැනීම සදහා තරග කාලසටහන මෙතෙක් ලැබී නොමැති බව ශ‍්‍රී ලංකා පාපන්දු සංගමයේ නිලධාරියෙක් කීය.

 අත්පන්දු (හෑන්ඞ්බෝල්) ක‍්‍රීඩාවේ තරග කාලසටහන පමණක් ජාතික ඔලිම්පික් කමිටුවට ලැබී ඇති බවත්, සෙසු තරග ඉසව්වල කාල සටහන් මෙතෙක් ලැබී නොමැති බවත් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකා කණ්ඩායම් නියෝජ්‍ය ප‍්‍රධානී ගාමිණී ජයසිංහ මහතා පැවසීය.

පුහුණුකරු එම්.ආර්.එම්. ජෙස්මින් මහතාගේ උපදෙස් පරිදි ජනවාරී 2 වැනිදා ආරම්භ වු කාන්තා පාපන්දු කණ්ඩායමේ පුහුණුවීම් පෙබරවාරී මස 4 දක්වා පැවැත්වේ.

රටවල් අටක සහභාගීත්වයෙන් පැවැත්වෙන සාග් ක‍්‍රීඩා උළෙල පෙබරවාරී මස 5 වැනිදා සිට 16 වැනිදා දක්වා ඉන්දියාවේ ගුවහටි සම ශිලෝන් යන නගර කේන්ද්‍රකර ගනිමින් පැවැත්වේ.


- 090

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


අදහස් (0)

ප‍්‍රතිවාදීන් නොදැන පුහුණුව අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.