Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner පාපන්දු මුල් පුටුවට හිටපු සභාපතිවරු පොර

පාපන්දු මුල් පුටුවට හිටපු සභාපතිවරු පොර

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එළඹෙන ජූලි 1 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට හිටපු සභාපතිවරුන් රැසක් ඉදිරිපත්වීමට සූදානමින් සිටින බව පාපන්දු ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම නිලවරණයේදී පත්වන සභාපතිවරයා වසර 2019 දක්වා සභාපති තනතුරේ රැඳී සිටිනු ඇත. ඔවුන් වැඩි දෙනකු එහිදී උප සභාපති ධුර සඳහා ඉදිරිපත් වන බව දැනගන්නට  ලැබෙන අතර, හිටපු සභාපතිවරුන් වන හර්ලි සිල්වේරා හා ගාමිණී රන්දෙණි යන මහත්වරු මෙවර නිලවරණයේදී උප සභාපති ධුර සඳහා නාමයෝජනා බාරදීමට දැනටමත් තීරණය කර ඇතැයි වාර්තා වේ.

පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මෙන්ම එහි වත්මන් මූල්‍ය කමිටුවේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා මෙවර නිලවරණයේදී නැවත සභාපති ධුරයට නාමයෝජනා බාර දෙන බව ප්‍රකාශ කර තිබේ. පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපති අනුර ද සිල්වා මහතා හා එහි වත්මන් ලේකම් බාලෙන්ද්‍ර ඇන්තනි මහතා ද මෙවර නිලවරණයට තරග වදින බව ප්‍රකාශ කර තිබේ.

පාපන්දු විධායක සභික, නියෝජ්‍ය පොලිස්පති පත්මසිරි මුණසිංහ මහතා මෙවර නිලවරණයේදී සභාපති ධුරයට ඉදිරිපත් කිරීමට හිටපු නිලධාරීන්ගෙන් සමන්විත ප්‍රබල පාර්ශ්වයක් ගනු ලබන බව කියන උත්සාහය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට පැමිිණ නැති බවද වාර්තා වේ.

මේ අතර පාපන්දු සම්මේලනයේ 2016 වාර්ෂික මහ සභා රැස්වීම මෙම 22 වැනිදා පැවැත්වීමට නියමිතය. ඒ සඳහා පාපන්දු ලීග 67 කින් නියෝජිතයෝ සහභාගි වෙති. එහිදී මඩුමන්තෙයි - බටහිර, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල, කුච්චවේලි හා ඔඞ්ඩමාවඩි යන නව ලීග සඳහා අනුමැතිය ලබාදීමටත්, ක්‍රීඩා ඇමැතිවරයා ගැසට් නිවේදන මගින් නිකුත් කළ නව ක්‍රීඩා රෙගුලාසි පිළිබඳව මහ සභාව දැනුවත් කිරීමත් එහි න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබේ.

මේ වන විටත් පාපන්දු සම්මේලනයේ 2016 වසර සම්බන්ධයෙන් විගණනය කරන ලද අයවැය වාර්තාව නිකුත් වී නොමැත. එසේ වුවත් නිලවරණය පැවැත්වීම යටතේ ක්‍රීඩා පනතේ නව රෙගුලාසි 6-ඒ අංක ඞඪෂෂ යටතේ මෙසේ අර්ථගන්වා තිබේ.

“නාමිකයන්ගේ නම්  ලැයිස්තුව සමග වාර්ෂික මහ සභා රැස්වීමට පැමිණ ඡනදය ප්‍රකාශ කිරීමේ හිමිකම් ඇති සාමාජිකයන්ගේ ලැයිස්තුව ද කලින් මුදල් වර්ෂයේ විගණන මූල්‍ය ප්‍රකාශයේ සහතික කරන ලද පිටපතක් ද ඇතුළත් දැනුම්දීමක් වාර්ෂික මහ සභා රැස්වීමට අවම වශයෙන් දින 40 කට පෙර එහි අනුබද්ධ ආයතනවලට ඉදිරිපත් කිරීම” මැයෙන් එහි දැක්වේ. ඒ අනුව 2016 විගණන වාර්තාව නියමිත පරිදි ජූලි 1 වැනිදා නිලවරණයට පෙර  ඉදිරිපත් කිරීමට පාපන්දු සම්මේලනය අපොහොසත් වුවහොත් එදිනට නිලවරණය පැවැත්වීම අහෝසි කර දැමීමට සිදු වනු ඇතැයි ඒ පිළිබඳව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ පාපන්දු ලිග නියෝජිතවරු පිරිසක් පැවසූහ.

 


අදහස් (0)

පාපන්දු මුල් පුටුවට හිටපු සභාපතිවරු පොර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.