Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner නායකත්වයට මංජුල නැතොත් සුදේශ්

නායකත්වයට මංජුල නැතොත් සුදේශ්

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

66666

 

දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) සමස්ත ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා උස පැනීමේ ක‍්‍රීඩක මංජුල කුමාර සහ බර ඉසිලීමේ ක‍්‍රීඩක සුදේශ් පීරිස්ගේ නම් ජාතික ඔලිම්පික් කමිටුවට ලැබී ඇතැයි එම කමිටුවේ භාණ්ඩාගාරික සහ සාග් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නියෝජ්‍ය ප‍්‍රධානී ගාමිණී ජයසිංහ මහතා පැවසීය.

සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගිවන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කවුරුන්ද යන්න හෙට (25) දිනයේදී ජාතික ඔලිම්පික් කමිටු රැස්වීමකදී තීරණය කිරීමට නියමිතය.

ක‍්‍රීඩා උළෙලේ නායකත්වයට සුදුසු ක‍්‍රීඩකයා හෝ ක‍්‍රීඩිකාව තෝරා ගැනීම සඳහා නම් ඉදිරිපත් කරන ලෙස ජාතික ඔලිම්පික් කමිටුව ක‍්‍රීඩා සංගම්වලට කලින් දන්වා තිබුණි. ඒ අනුව මංජුල කුමාර සහ සුදේශ් පීරිස් දෙදෙනාගේ නම් පමණක් මේ වන විට ලැබී ඇතැයි ජයසිංහ මහතා පැවසීය.

2004 වසරේ ඇතැන්ස් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල නියෝජනය කළ උස පැනීමේ කී‍්‍රඩක මංජුල කුමාර, දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලවලදී රන් පදක්කම් දිනාගත් ක‍්‍රීඩකයෙකි. 2009 වසරේ චීනයේ පැවැති ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී උස පැනීමේ ඉසව්වේ (පිරිමි) රන් පදක්කම දිනා ගන්නා ලද්දේ මංජුල විසිනි. මංජුල වසර කිහිපයක්ම ඇමරිකාවේ වැඩිදුර පුහුණුවීම්වල නිරතවිය.

ජපානයේ සිට බර ඉසිලීමේ ක‍්‍රීඩාවේ නිරත වු සුදේශ් පීරිස්, ආසන්නතම පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ පදක්කම්ලාභියෙකි.

2014 වසරේ ස්කොට්ලන්තයේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී කිලෝග‍්‍රෑම් 62 බර පංතියෙන් සුදේශ් රිදී පදක්කම දිනා ගත්තේය. 2010 නව දිල්ලි ක‍්‍රීඩා උළෙලේදී ද සුදේශ් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් දස්කම් දැක්වීය.

දොළෙස්වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල පෙබරවාරී මස 5 වැනිදා සිට 16 වැනිදා දක්වා ඉන්දියාවේ ගුවහටි සහ ශිලෝන් යන නගර කේන්ද්‍රකර ගනිමින් පැවැත්වේ.

 

 


අදහස් (1)

නායකත්වයට මංජුල නැතොත් සුදේශ්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.