Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ඩයලොග් කුසලාන කොළඹ පිලට

ඩයලොග් කුසලාන කොළඹ පිලට

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

රිනවුන් පිලට වඩා ගෝලයක පරතරයක් තබාගත් කොළඹ පාපන්දු සමාජ පිල 2015 ශූරයන්ගේ කුසලාන ‘ඩයලොග්’ ලීග් පාපන්දු තරගාවලියේ (2015) ශූරතාව දිනා ගත්තේය. සුපිරි අට දෙනාගේ වටයේ හත්වැනි සතියේ තරග ඉකුත් සෙනසුරාදා (5 වැනිදා) කොළඹ තුරග තරග පිටියේදී පැවැත්විණ.

යුද හමුදාව, රිනවුන් සහ කොළඹ යන කණ්ඩායම් තුන අතරේ දෝලනය වු කුසලානය කාට හිමිවේද යන්න අවසානය තෙක් කිව නොහැකි තරම් තරගාවලිය තීරණාත්මක විය.

අවසන් සතියේ තරගයේදී යුද හමුදාව ගෝල 2-0 කින් පරදවා ගෝලයක වාසිය ලබාගත් කොළඹ ක‍්‍රීඩකයෝ රිනවුන් පිලේ ජයග‍්‍රාහණය උදුරා ගත්හ.

කොළඹ පිල තරග හතෙන් තරග පහක් ජය ගෙන සමවීම් දෙකක් සහ පරාජයක් සමගින් ප‍්‍රසාද ලකුණු 17 ක් හිමිකරගෙන සිටියි. රිනවුන් පිල තරග හතෙන් පහක් ජය ලබා සම කිරීම් දෙකක් සමගින් ප‍්‍රසාද ලකුණු 17 ක් හිමිකර ගත්තේය. දෙපිලේ ප‍්‍රසාද ලකුණු සම වූ අතර කොළඹ පිල ගෝලයක් ඉදිරියෙන් සිටීම නිසා ශූරතාව කොළඹ පිලට ප‍්‍රදානය කෙරිණ.

රිනවුන් පිල සහ නාවික හමුදා පිල අතර පැවැති තරගයෙන් රිනවුන් පිල ගෝල 5-4 ක තියුණු ජයක් ලැබීය.

තරගයේ පළමු අර්ධය අවසානයේදී නාවික හමුදාව ගෝල 2-1 ක් ලෙස පෙරමුණේ සිටියද රිනවුන් පිල දෙවැනි අර්ධයේදී ගෝල හතරක් ලබා ගත්තේය. ජයග‍්‍රාහී රිනවුන් පිල වෙනුවෙන් එම්. සී. එම්. රිෆ්නාස් ගෝල තුනක් ලබා ගත් අතර එමැනුවල් චුක්වෙබුකා සහ ෂමිල් අහමඞ් ගෝලය බැගින් ලැබුහ.

චලන චමීර (2), මහේෂ් පි‍්‍රයදර්ශන (1) සහ නිර්මාල් විජේසිංහ (1) නාවික හමුදා පිලට ගෝල එක් කළහ.     

කොළඹ පාපන්දු පිල සහ යුද හමුදා පිල අතර පැවැති තරගයේ පළමු අර්ධයේදීම ගෝල 1-0 ක් ලෙස කොළඹ පිල පෙරමුණ ගත්තේය. ගෝල ලබාගත් ජේ. එෆ්. මෝමස් (1) සහ එෆ්. බී. දිමිත‍්‍රි (1) කොළඹ පිලේ ජයග‍්‍රහණයේ නියමුවෝ වුහ.

යුද හමුදාවේ ධනුෂ්ක විජේසිරි තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයාට පිරිනැමෙන ‘රන් පාවහන’ හිමිකරගත් අතර ගෝල නවයක් ලබාගත් රිනවුන් පිලේ එම්. සී. එම්. රිෆ්නාස් වැඩිම ගෝල ලාභියා ලෙස සම්මාන ලැබීය. දක්‍ෂතම දැල රකින්නා ලෙස කොළඹ පිලේ එම්. එන්. එම්. ඉම්රාන් තේරීපත්විය.

ශ‍්‍රී ලංකා පාපන්දු සංගමය සංවිධානය කළ මෙම තරගාවලියට ඩයලොග් සමාගම 10 වැනි වරටත් අනුග‍්‍රාහය දැක්වීය.

 

 

 

 

 

 

 

 

 

 

 

 



කොළඹ පාපන්දු සමාජයේ නායක රවුමි මොහිදීන් කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් ඩයලොග් කුෂලාන ලබාගත් අවස්ථාව. ඩයලොග් ආසියාටා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාද ඡායාරූපයේ සිටී.

 

ඡායාරූප : වරුණ කරුණාසේකර


අදහස් (0)

ඩයලොග් කුසලාන කොළඹ පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.