Last Update  :  2024-05-10 23:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ටිමෝ ජර්මනියට ජය ගෙනෙයි

ටිමෝ ජර්මනියට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජර්මනියේ ටිමෝ වර්නර්ගේ දක්ෂතා හේතුවෙන් සවුදි අරාබියට එරෙහිව පැවැති පුහුණු තරගයෙන් ගෝල 2-1 ක් ලෙස තියුණු ජයක් ලැබීමට ජර්මනිය ඊයේ (8 වැනිදා) සමත් විය. මෙම තරගය ජර්මනියේ ලිවර්කුසේන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

තරගයේ 8 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ජර්මනියේ ටිමෝ වර්නර් පළමු ගෝලය වාර්තා කරමින් තරගයේ ආරම්භයේදීම තරගය ඔවුන් වෙත හරවා ගැනීමට කටයුතු කළේය. නැවතත් පළමු භාගය අවසන් වීමට මිනිත්තු 2ක් තිබියදී තරගයට අවතීර්ණ වූ ජර්මනියේ ඔමාර් හැව්සාවි ජර්මනියේ ජයග්‍රාහී දෙවන ගෝලයද වාර්තා කළේය. ඔවුන් හා කරට කර තරගයක් ලබාදුන් සවුදි අරාබියද තරගයේ අවසන් මොහොතේදී (84 වන මිනිත්තුවේදී) ගෝලයක් ලබා ගනිමින් පසුගිය වර ලෝක ශූරයන්ට තියුණු තරගයක් ලබා දුන්නේය.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 පසුවන ජර්මනිය මේ වනවිට ලෝක කුසලාන 4 ක හිමිකරුවන් වී අවසන්ය. ආසියාතික රටක් ලෙස සවුදි අරාබියද මෙවර තරගාවලියේ අවසාන කණ්ඩායම් 32 සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

ජර්මනිය මෙවර ‘එෆ් ’ කාණ්ඩයෙන් මෙක්සිකෝව, ස්වීඩනය හා කොරියාව සමගින් තරග වදිද්දී සවුදි අරාබිය මෙවර සත්කාරකත්වය දරන රුසියාව, ඊජිප්තුව සහ උරුගුවේ සමගින් ‘ ඒ ’ කාණ්ඩයෙන් තරගාවලියට එක්වෙයි.

ජුනි 17 වැනිදා මෙක්සිකෝවට එරෙහි තරගයෙන් තරගාවලියට එක්වන ජර්මනිය ජුනි 23 වැනිදා  ස්වීඩනය සමගින් තරග වැදිමට නියමිතය. ජර්මනියේ පළමු වටයේ අවසන් තරගය ජුනි 27 වැනිදා කොරියාව සමගින් පැවැත්විමට නියමිතය.

මෙවර තරගාවලියට එක්වන සවුදි අරාබියද ජුනි 14 වැනිදා සත්කාරක රුසියාවට එරෙහි තරගයෙන් තරගාවලියට අවතීර්ණ වෙයි. ජුනි 20 වැනිදා උරුගුවේ සමගිනුත් ජුනි 25 වැනිදා  ඊජිප්තුව සමගිනුත් පළමු වටයේදී තරග වදිනු ලැබේ.

 

- 024


අදහස් (0)

ටිමෝ ජර්මනියට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.