Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ජර්මනියට රතුඑළියක්

ජර්මනියට රතුඑළියක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙක්සිකෝවේ හර්වින් ලොසෑනෝගේ ගෝලය හමුවේ ගියවර ශූරයන් බවට පත්වූ ජර්මනිය පළමු තරගයෙන්ම ගෝල 1-0 ක් ලෙස  පරාජයට පත්විය. ‘එෆ් ’ කාණඩයේ තරගයක් ලෙස පැවැති මෙම තරගය රුසියාවේ ලුෂ්නිකි ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

තරගයේ 35 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ මෙක්සිකෝවේ හර්වින් ලොසෑනෝ සිය මංගල ලෝක කුසලානයේදීම ජයග්‍රාහී ගෝලය වාර්තා කරමින් මෙක්සිකෝවේ ඉදිරි ගමනට ආශිර්වාදයක් එක් කළේය. වර්තමාන ශ්‍රේණිගත කිරීම් අනුව 15 වැනි ස්ථානයේ පසුවන මෙක්සිකෝව ගියවර ශූරයන් මෙන්ම ලෝක කුසලාන ශ්‍රේණිගත කිරීමේදී අංක එකේ පසුවන ජර්මනිය පළමු තරගයෙන්ම පරාජයට පත්වීම තරගාවලියේ ඉදිරිගමනට රතු එළියක් දැල්වී ඇත. 

තරගය පුරාවටම ගෝලයක් ලබා ගැනීමට ජර්මනිය උත්සාහ කළත් එයට මෙක්සිකෝවේ ඉදිරි වලල්ලෙන් කිසිසේත්ම ඉඩක් නොලැබිණ. වේදනාවෙන් හෝ පළමු තරගයෙන්ම ජර්මනියට පරාජය වැළඳ ගැනීමට සිදුවෙද්දී මෙක්සිකෝව ජයග්‍රහණය වෙත කැඳවාගෙන ගිය ලොසෑනෝ තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.
 
ජර්මනිය මේ මස 23 වැනිදා ස්වීඩනය සමඟ දෙවන තරගයට සහභාගී වන අතර එදිනම දකුණු කොරියාව සමඟින් මෙක්සිකෝව පළමු වටයේ දෙවන තරගය සඳහා සහභාගී වීමට නියමිතය.   


- 024


අදහස් (0)

ජර්මනියට රතුඑළියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.