Last Update  :  2024-05-20 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ජපාන 16 න් පහළ පිලට ගෝල 3-1 ක ජයක්

ජපාන 16 න් පහළ පිලට ගෝල 3-1 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියා - ජපන් වයස 16 න් පහළ පාපන්දු හුවමාරු වැඩසටහන යටතේ කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති තරගයකදී ශ්‍රී ලංකාව පරදවා ගෝල 3-1 ක ජයක් අත්කර ගැනීමට ජපානය සමත් විය.

එහිදී ජපානය වෙනුවෙන් වාර්තා වූ ගෝල 3 ටම හිමිකම් කීමට යොෂිඩා යූජි සමත් වූ අතර ඔහු 9 වැනි, 14 වැනි සහ 44 වැනි මිනිත්තු වලදී එම ගෝල ලබාගත්තේය.

පළමු අර්ධයේ අතිරේක කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම ගෝලය වාර්තා වූ අතර එයට හිමිකම් එම්. එස්. එම්. මර්ෂිඞ් සමත් විය.

ජපන් කණ්ඩායමේ නකනෝ කෙයිටා සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ එම්. ශාහීල් මෙම තරගයේදී කහ කාඞ්පත් ලැබූහ.

එදිනම පැවැති තවත් තරගයදී භූතානය ගෝල 7-1 කින් පරාජය කිරීමට නේපාලය සමත් වූ අතර එහිදී රංජන් පුන් (9 වැනි, 60 වැනි සහ 69 වැනි මිනිත්තු වලදී) නේපාලය වෙනුවෙන් ගෝල ත්‍රිත්වයක් ලබාගත්තේය.

නේපාල කණ්ඩායමේ වෙනුවෙන් බිර්ජේෂ් චෞද්‍රි ගෝල 2 ක්ද (10 වැනි සහ 19 වැනි මිනිත්තු වලදී) ලබාගත් අතර රොෂාන් රනමගර් (26 වැනි මිනිත්තුවේදී) සහ කාර්ලෝෂ් බක්රියා (14 වැනි මිනිත්තුවේදී) ගෝලය බැගින් ලබාගත්හ.

එහිදී නේපාල කණ්ඩායමේ රොෂාන් ඩොන්ග් සහ භූතානයේ තොබ්ඩෙන් දර්ක්පා කහ කාඞ්පත් ලැබූහ.

 

දකුණු ආසියානු - ජපාන වයස 16න් පහළ සහයෝගීතා පාපන්දු තරගාවලියේ විශේෂ අවස්ථා...
(ඡායාරූප - ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අනුග්‍රහයෙනි)

- 036


අදහස් (0)

ජපාන 16 න් පහළ පිලට ගෝල 3-1 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.