Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ගුවන් හමුදාව පරදවා කොළඹ දිනයි

ගුවන් හමුදාව පරදවා කොළඹ දිනයි

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

‘ඩයලොග් කුසලාන’ ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ තරගයකින් ගුවන් හමුදාව පරදා ගෝල 4-1 ක ජයක් ලබාගැනීමට කොළඹ කී‍්‍රඩා සමාජය සමත් විය.

20 වැනි මිනිත්තුවේදී තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට කොළඹ කී‍්‍රඩා සමාජ කණ්ඩායමේ ෆ‍්‍රෑන්ක් සමත්වූ අතර ඉන් මිනිත්තු 2 ක් ගතවීමටත් පෙර (22 වැනි මිනිත්තුවේදී) ගෝලයක් ලබාගනිමින් ලකුණු තත්ත්වය සම කිරීමට ගුවන් හමුදා කණ්ඩායමේ කැලූම් පෙරේරා සමත් විය.

කොළඹ කී‍්‍රඩා සමාජ කණ්ඩායමට 41 වැනි මිනිත්තුවේදී ලැබුණ දඬුවම් පහර සාර්ථක කරගැනීමට ෆ‍්‍රෑන්ක්ට ගුවන් හමුදා කණ්ඩායමේ දැල රකින කී‍්‍රඩක ප‍්‍රභාත්ගෙන් ඉඩ නොලැබුණත් ඒ මොහොතේ කි‍්‍රයාත්මක වූ දිමිත‍්‍රි නැවතත් පන්දුව දැල වෙත යොමුකරමින් ගෝලයක් ලබාගත්තේය.

45 වැනි මිනිත්තුවේදී සිය දෙවැනි ගෝලය වාර්තා කළ දිමිත‍්‍රි පළමු අර්ධය අවසන් වන විට ගෝල 3-1 ක් ලෙස තම කණ්ඩායම ඉහළට ඔසවා තැබීය.

තරගයේ අවසන් භාගයේදී කොළඹ කී‍්‍රඩා සමාජ කණ්ඩායමට තවත් ගෝල රැුස්කිරීමට අවස්ථාව නොදී සිටීමට ගුවන් හමුදා කී‍්‍රඩකයෝ මහත් වෙහෙසක් දැරුවද, අතිරේක කාලයේ අවසන් මිනිත්තුවේදී සිය තෙවැනි ගෝලයද වාර්තා කළ දිමිති‍්‍ර තම කණ්ඩායමට ගෝල 4-1 ක ජයග‍්‍රහණයක් හිමිකර දුන්නේය.

මෙම තරගය කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්විණි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


- 036


අදහස් (0)

ගුවන් හමුදාව පරදවා කොළඹ දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.