Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner කොළඹ පාපන්දු පිලට ගෝල 15-1 ක ජයක්

කොළඹ පාපන්දු පිලට ගෝල 15-1 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාගීල්ස් ෆුඞ් සිටි එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයට කොළඹ පාපන්දු ක‍්‍රීඩා සමාජය සහ රිනවුන් ක‍්‍රීඩා සමාජය සුදුසුකම් ලැබීය.

කොළඹ පාපන්දු ක‍්‍රීඩා සමාජය සහ හිලරි ක‍්‍රීඩා සමාජය අතර කොළඹ තුරඟ තරග ක‍්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පුර්ව තරගයෙන් කොළඹ පාපන්දු ක‍්‍රීඩා සමාජය ගෝල 15-1 ක පහසු ජයක් ලැබීය. මෙම තරගයේදී කොළඹ කණ්ඩායමේ ටී.එෆ්.බී. දිමිත‍්‍රි ගෝල හතක් ලබා ගැනීම කැපී පෙනේ.

දිමිත‍්‍රි, තරගයේ 20, 28, 32, 76, 79, 80 සහ 91 යන මිනිත්තුවලදී එම ගෝල හත ලබා ගත්තේය.

ඒ. සී. ෆ‍්‍රැන්ක් සහ කේ. ඒ. ඞී. මධුෂංක ගෝල තුන බැගින්ද, එම්.ආර්.එම්. රිස්නි සහ ඒ. ආර්. ඒ. සස්නි ගෝලය බැගින්ද කොළඹ කණ්ඩායමට එක් කළහ.

හිලරි කණ්ඩායමේ එකම ගෝලය එස්. ජෙසුත්ෂාන් ගෝලය ලැබීය.  

රිනවුන් ක‍්‍රීඩා සමාජය සහ ජාවා ලේන් කණ්ඩායම අතර පැවැති දෙවැනි අර්ධ අවසන් පුර්ව තරගයෙන් රිනවුන් ක‍්‍රීඩකයෝ ගෝල 5-1 ක ජයක්ලැබුහ.

රිනවුන් කණ්ඩායමේ  ඕ.එල්. මිකොල්, එම්. ෆසාල්, ටී. සී. ද සිල්වා, එම්.සී.එම්. රිෆ්නාස් සහ ඒ.එම්.ඒ.අස්ලම් යන ක‍්‍රීඩකයෝ  ගෝල ලබාගත්හ. එන්. එන්. ජුඞ්, ජාවා ලේන් කණ්ඩායමේ එකම ගෝල ලාභියා විය.

අර්ධ අවසන් පුර්ව වටයේ සෙසු තරග වර්ෂාව නිසා කල් දැමීමට සංවිධායකවරුන් පියවර ගෙන තිබේ. ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර ද, සෝන්ඩර්ස් කණ්ඩායම සහ බ්ලූස්ටාර් කණ්ඩායම අතර ද මෙම තරග පැවැත්වීමට නියමිතය.  

 

(ඡායාරූපය - වරුණ කරුණාසේකර )

 

 

(ඡායාරූපය - වරුණ කරුණාසේකර)

 


අදහස් (0)

කොළඹ පාපන්දු පිලට ගෝල 15-1 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.