Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner කොළඹ ප්‍රවීණයෝ ඩුබායිහිදී ශූරතාව දිනති

කොළඹ ප්‍රවීණයෝ ඩුබායිහිදී ශූරතාව දිනති

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩුබායිහිදී පැවැති වයස 40 ට වැඩි ප්‍රවීනයන්ගේ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ප්‍රවීනයන්ගේ පාපන්දු කණ්ඩායම සමත් විය. කොළඹ ප්‍රවීනයන්ගේ පාපන්දු කණ්ඩායම මෙම තරගාවලියේ ශූරතාව දිනාගත් සිව්වැනි අවස්ථාව මෙයයි.  

මෙම තරගාවලියේදී කොළඹ ප්‍රවීනයන්ගේ පාපන්දු කණ්ඩායම විසින් මලයාසියාව ගෝල 6-2 ක් ලෙසද, සිංගප්පූරුව ගෝල 4-0 ක් ලෙසද, දකුණු අප්‍රිකාව ගෝල 2-0 ක් ලෙසද, මුරුසිය ගෝල 3-0 ක් ලෙසද පරාජය කිරීමට සමත් විය. කොළඹ ප්‍රවීනයන්ගේ පාපන්දු කණ්ඩායම සහ ඉතාලිය අතර පැවැති තරගය 0-0 ක් ලෙස සම වූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය හමුවේ කොළඹ ප්‍රවීනයන්ගේ පාපන්දු කණ්ඩායම ගෝල 1-0 ක් ලෙස පරාජයට පත් විය.

තරගාවලියේදී කොළඹ ප්‍රවීණයන්ගේ පිල විසින් ගෝල 15 ක් ලබාගත් අතර කොළඹ ප්‍රවීණයන් හමුවේ ප්‍රතිවාදීන්ට ලබාගත හැකිවූයේ ගෝල 3 ක් පමණි.

ජාතික පාපන්දු කණ්ඩායම සහ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම නියෝජනය කළ ප්‍රවීන ක්‍රීඩක ප්‍රියන්ත ලියනගේ කොළඹ ප්‍රවීනයන්ගේ පාපන්දු කණ්ඩායමේ නායකත්වය දැරූ අතර රිනවුන් ක්‍රීඩා සමාජ කණ්ඩායම නියෝජනය කළ මොහොමඞ් ෆයිස් එහි පුහුණුකරු ලෙස කටයුතු කළේය.

2006 වසරේ සිංගප්පුරුවේදී මෙම ප්‍රවීනයන්ගේ ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය පළමු වරට පැවැති අතර එහි ශූරයන් බවට පත්වීමට කොළඹ ප්‍රවීනයන්ගේ පාපන්දු කණ්ඩායම සමත් විය. දෙවැනි වරට කොළඹ ප්‍රවීනයන්ගේ පාපන්දු කණ්ඩායම එහි ශූරයන් බවට පත්වූයේ ඉන් වසර 5 කට පසුව 2011 වසරේ ඉන්දියාවේදී පැවැති තරගාවලියේදීය. 2008 වසරේ පැවැති තරගාවලියේදී සත්කාරක සිංගප්පූරු කණ්ඩායම සමග සම ශූරයන් වීමටද කොළඹ ප්‍රවීනයන්ගේ පාපන්දු කණ්ඩායමට හැකි විය.

තවද 2007 වසරේ මලයාසියාවේදී, 2012 වසරේ මුරුසියේදී, 2013 වසරේ මලයාසියාවේදී සහ 2015 වසරේ දකුණු අප්‍රිකාවේදී පැවැති තරගාවලි වලදී අනුශූරයන් බවට පත්වීමටද කොළඹ ප්‍රවීනයන්ගේ පාපන්දු කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාව සමගින් ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඉතාලිය, මලයාසියාව, සිංගප්පූරුව, මුරුසිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය නියෝජනය කරමින් ක්‍රීඩා සමාජ කණ්ඩායම් 8 ක් මෙම තරගාවලියට සහභාගි වූ අතර එහිදී එම කණ්ඩායම් ලීග් ක්‍රමයට අනුව තරග වැදිණ.  


කොළඹ ප්‍රවීනයන්ගේ පාපන්දු කණ්ඩායම -

ආර්. පුවනේන්ද්‍රන් (සංගම් සභාපති), ප්‍රියන්ත ලියනගේ (නායක), ජෝෂප් ශාන්තකුමාර්, ජයශාන්ත ලියනගේ, ප්‍රියන්ත පෙරේරා, අනුර සම්පත්, මැක්සි ලේටන්, ක්‍රිෂාන්ත අබේසේකර, ධම්මික අතුකෝරාල, ඇන්ටන් සිල්වා, බණ්ඩාර ගුණතිලක, හනීෆ් ලුක්මන්, නිෂාන්ත සිසිර කුමාර, සම්පත් පෙරේරා, තුවාන් සහුරුද්දීන්, මොහොමඞ් ඉම්තිසම්, කරුපයියා රමර්, මොහොමඞ් ඉසමුදීන්, එච්. එම්. රූමි මොහොමඞ් ෆයිස් (පුහුණුකරු), ෆෙරෝස් ඉනාම් (කලමණාකරු)
 

- 036


අදහස් (0)

කොළඹ ප්‍රවීණයෝ ඩුබායිහිදී ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.