Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner කොළඹ කී‍්‍රඩා සමාජය පෙරමුණේ

කොළඹ කී‍්‍රඩා සමාජය පෙරමුණේ

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශූරයන්ගේ කුසලාන ‘ඩයලොග්’ ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ සිවුවැනි සතිය අවසානයේදී ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළඹ ක‍්‍රීඩා සමාජය සමත්ව සිටී. මේ දක්වා පැවැති තරග හතරෙන් තරග තුනක්ම ජයගත් කොළඹ පිල තරගයක් විසදුමකින් තොරව අවසන් කරමින් ප‍්‍රසාද ලකුණු 13 ක් ලබා තිබේ.

යුද හමුදා පිල ලකුණු 11 ක් ලබා ප‍්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයේ පසුවුවද, රිනවුන් පිල තරග තුනක් ජය ලබා තෙවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු දෙකක පරතරයෙනි. යුද හමුදාවට වඩා තරගයක් ජය ගෙන සිටින රිනවුන් පිල මේ දක්වා රැස් කළ ගෝල ප‍්‍රමාණය නවයකි. යුද හමුදාව ගෝල 10 ක් ලබා ඇත.

තරගාවලියේ තවත් තරග හතරක් අද සහ හෙට (28/29) කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

යුද හමුදාව සහ නාවික හමුදාව අතර තරගය අද සවස 3.00 ට ද, බ්ලූස්ටාර් පිල සහ කි‍්‍රස්ටල් පැලස් පිල අතර තරගය අද පස්වරු 5.00 ට ද පැවැත්වේ. ගුවන් හමුදාව සහ ජාවාලේන් පිල අතර තරගය හෙට (29) සවස 3.00 ට පැවැත්වෙන අතර, කොළඹ පිල සහ රිනවුන් පිල අතර තරගය හෙට සවස 5.00 ට පැවැත්වීමට නියමිතය.  


ප‍්‍රසාද ලකුණු පුවරුව

       කණ්ඩායම තරග ජය විසදුම් රහිත  පරාජ රැස් කළ ගෝල එරෙහි ගෝල අතිරේක ලකුණු   ලකුණු
කොළඹ පා. සමාජය 4 3 1 0 12 3 3 13
යුද හමුදා ක්‍රී.සමාජය 4 2 2 0 10 6 3 11
රිනවුන්  ක්‍රී.සමාජය 4 3 1 0 9 2 0 10
නාවික හමුදා  ක්‍රී.සමාජය 4 2 2 0 7 5 0 8
බ්ලු ස්ටාර්  ක්‍රී.සමාජය 4 0 2 2 4 6 2 4
ගුවන් හමුදා  ක්‍රී.සමාජය 4 0 2 2 4 8 2 4
ක්‍රිස්ටල් පැලස් පා.සමාජය 4 0 2 4 6 11 1 3
ජාවාලේන් ක්‍රී.සමාජය 4 0 0 1 2 13 1 1


- 090


අදහස් (0)

කොළඹ කී‍්‍රඩා සමාජය පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.