Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner කොත්මලේ කුසලාන පාසල් පාපන්දු අවසන් තරගය යාපනයේදී

කොත්මලේ කුසලාන පාසල් පාපන්දු අවසන් තරගය යාපනයේදී

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අන්තර් පාසල් වයස 19න් පහළ බාලක “කොත්මලේ” කුසලාන පාපන්දු ශූරතාවලියේ අවසන් මහ තරගය ලබන නොවැම්බර් 6 වැනිදා යාපනය “දොරේඅප්පා” පිටියේදී පැවැත්වේ. එහි අවසන් පූර්ව තරග එම පිටියේදීම නොවැම්බර් 4 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

දිවයිනේ ජනප්‍රිය පාසල් කණ්ඩායම් 28ක් සහභාගිවූ මෙහි අවසන් පූර්ව තරග සඳහා යාපනයේ පාසල් කණ්ඩායම් දෙකක් තේරී සිටීම කැපී පෙනේ. ඒ ගියවර ශූරතාව දිනාගත් යාපනය එලයාලේ ශාන්ත හෙන්රි විදුහල හා යාපනය ශාන්ත පැට්‍රික් විදුහලය.

වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල හා ගියවර අනු ශූරතාව ලද කොළඹ සහිරා විදුහල අවසන් පූර්ව වටයට පිවිසි සෙසු පාසල් කණ්ඩායම් දෙකය.

කොළඹ සිටි ලීග් පිටියේ පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී යාපනය ශාන්ත පැටි්‍රක් විදුහල විසින් කොළඹ හමීඩියා අල් හුසේන් විදුහල දඬුවම් පහර 3-1ක් ලෙසත්, වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල විසින් කළුතර සිරිකුරුස විදුහල ගෝල 5-2ක් ලෙසත් පරාජය කරමින් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබූහ.

මේ අතර සෙසු අර්ධ අවසන් පූර්ව තරග දෙකේදී යාපනය ශාන්ත හෙන්රි විදුහල විසින්ද මීගමුව ශාන්ත මේරි විදුහල විසින්ද (2-0) කොළඹ සහිරා විදුහල විසින්ද කඳාන ද මැසනොද් විදුහල (4-1) පරාජය කරන ලදී.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ එවකට සභාපති රංජිත් රුද්‍රිගු මහතාගේ අදහසක් අනුව මෙවර ජනප්‍රිය පාසල් අතර පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය කිරීම සඳහා මෙම තරගමාලාව හඳුන්වා දෙනු ලැබීය.

ඒ අනුව ශාන්ත පැට්‍රික් විදුහල හා ජෝශප් වාස් විදුහල අතරද ශාන්ත හෙන්රි විදුහල හා කොළඹ සහිරා විදුහල අතරද මෙවර කොත්මලේ කුසලාන අවසන් පූර්ව තරග දෙක පැවැත්වේ.

තරගාවලියේ මූලික වටය කාණ්ඩ හතරකින් ලීග් ක්‍රමයට පැවැති අතර ඊට මුළු තරග 84ක් අන්තර්ගත විය.

 


අදහස් (1)

කොත්මලේ කුසලාන පාසල් පාපන්දු අවසන් තරගය යාපනයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.