Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner කී‍්‍රඩා ලෝලීන්ගේ පව් රුසියානු පිල මතට

කී‍්‍රඩා ලෝලීන්ගේ පව් රුසියානු පිල මතට

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කී‍්‍රඩාලෝලීන්ගේ ප‍්‍රචණ්ඩත්වය තව දුරටත් වර්ධනය වුවහොත් එංගලන්තය සහ රුසියාව යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියෙන් (යුරෝ 2016) තරගාවලියෙන් පන්නා දමන බවට යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය (Uefa) අනතුරු අඟවයි.

ඊයේ පැවැති තරගය අතරතුර දී සිදුවූ ආසන්න ගැටුම සම්පූර්ණයෙන්ම හෙළා දකින සම්මේලනය දැනටමත් රුසියාවට එරෙහිව විනයානුකූල කටයුතු ආරම්භ කර ඇත. එහෙත් එංගලන්තයට තවම එවැනි අවදානමක් පෙනෙන්නට නොමැත.

මාර්සේල් හිී පැවැති මේ තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්වීමෙන් පසුව රුසියානු කී‍්‍රඩාලෝලීන් එංගලන්ත කී‍්‍රඩාලෝලීන් අතරට කඩා වදිනු වීඩියෝ පටවල පැහැදිලිව දක්නට ලැබිණි. ඒ අනුව කී‍්‍රඩාලෝලීන්ගේ බාදාකිරිම්, ජාතිවාදීන් ලෙස හැසිරීම් සහ ගිනි කෙළි පුපුරුවා හැරීම් වැනි කාරණා සම්බන්ධව රුසියාවට එරෙහිව මේ විනය පරීක්ෂණ සිදුකෙරෙන බව යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය තහවුරු කළේය. කී‍්‍රඩාලෝලීන්ගේ රංචු ගැසීම් පිළිබඳ ගැටලූ සහගත තත්ත්වයක් පෙනෙන බවද එම සම්මේලනය කියයි. මෙවැනි කි‍්‍රයා නතර කිරිමට වඩාත් කාර්යක්ෂම ආරක්ෂක ක‍්‍රමවේදයක අවශ්‍යතාවද ඔවුහු පෙන්වා දෙති.

ඇසින් දුටු සාක්ෂි අනුව මේ ගැටුම ආරම්භ වී ඇත්තේ තරගය නිමාවීමට ඔන්න මෙන්න කියා තිබියදී, රුසියානු කී‍්‍රඩාලෝලීන්ගේ කෝපය දරුණු අතට හැරීමෙන් පසුවය. අනතුරුව ඇතැම් කී‍්‍රඩාලෝලීහු පිටියේ වැටවල් උඩින් ප‍්‍රතිවාදී පාර්ශ්වයේ කී‍්‍රඩාලෝලීන් සිටි පෙදෙසට කඩා පැන පහරදීමට පටන්ගත් බැව් කියැවේ.

ආරක්ෂිත වැටවල් උඩින් පැනයාමට උත්සාහ දැරූ එංගලන්ත කී‍්‍රඩාලෝලීන්ට රුසියානු කී‍්‍රඩාලෝලීන් එළව එළවා පහරදුන් බවටත් සාක්ෂි ලැබී තිබේ.

දවස ආරම්භයේදීම එංගලන්ත, රුසියානු සහ ප‍්‍රංශ කී‍්‍රඩාලෝලීන් පොලිස් කැරැලි මර්දන හමුදා සමග ඉතා අප‍්‍රසන්න කෝලහාලයක පැටළුණු අතර ඉන් තුවාල ලැබූ කී‍්‍රඩාලෝලීන් පිරිසක් පසුව රෝහල්ගත කිරීමටද සිදුවිය.

මේ අතර යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනයේ නිවේදනයට ප‍්‍රතිචාර දැක්වූ රුසියාවේ කී‍්‍රඩා ඇමැති විටාලි මුට්කෝ මහතා  සම්මේලනය විනයානුකූල පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම නිවැරැදි කි‍්‍රයාවක් බව පැවසීය.  

ප‍්‍රහාරයෙන් බේරීමට කී‍්‍රඩාංගණයෙන් පිටතට දිවගිය එංගලන්ත කී‍්‍රඩාලෝලීන් රැසක් කියා සිටියේ පහරදුන් රුසියානුවන් සටන් කලාවේදී භාවිතයට ගන්නා අත්වැසුම් පැළඳ සිටි බවයි. එංගලන්ත කී‍්‍රඩාලෝලීන් අතර කුඩා දරුවන්, කාන්තාවන් මෙන්ම රුසියානු කී‍්‍රඩාලෝලීන් ද සිටි බව සිද්ධිය දුටු තවත් අයෙක් කීවේය.

‘කාගේ හරි අතේ ආයුධ තිබුණා ද කියල මම නම් දැක්කේ නෑ. ඒත් මිනිස්සු සෑහෙන්න වේගයෙන් දුවන්න පටන් ගත්තා. ඒත් එක්කම වැට අයිනෙන් කවුදෝ යටි ගිරියෙන් කෑගහන හඬකුත් ඇහුණා.‘

රුසියානු කී‍්‍රඩාලෝලීන් කී‍්‍රඩාංගණයට පිවිසියේ ගිනි කෙළි සහ දැවැන්ත තූර්ය වාදන භාණ්ඩ රැගෙන බව ඇතැම්හු කියති. කී‍්‍රඩාංගණයේ ආරක්ෂාව ඉතා දුර්වල තත්ත්වයක තිබූ බව තවත් සමහරු කීහ.

යුරෝ 2016 පාපන්දු තරගාවලිය ආරම්භ වී පැය 48ක් ගතවීමටත් පෙර සිදුවූ මේ අපකීර්තිමත් කෝලාහලයට මුල් වූ රුසියාවට එරෙහිව පැනවිය යුතු දඩුවම හෙට (අඟහරුවාදා) රැස් වන විනය කමිටුව තීරණය කරනු ඇතැයි යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය පවසයි.

මෙවැනි වැඩවලට නමගිය රුසියාව මීට පෙර 2012 වසරේ පෝලන්තයේ සහ යුක්රේනයේ පැවැති යුරෝ පාපන්දු තරගාවලියේ මුලික වටයේ තරග තුනේදීම ඔවුන්ගේ කී‍්‍රඩාලෝලීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් දඬුවම් වින්ඳේය. රුසියානු පාපන්දු සංගමයට පවුම් 150,000ක දඩ මුදලක් ගෙවීමට සිදුවූ අතර 2016 යුරෝ තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ දී ප‍්‍රසාද ලකුණු 6ක් අඩු කිරිමටත් නිර්දේශ කෙරිණි. එහෙත් පසුව එය ලිහිල් කර තිබිණි.

 

 

 


අදහස් (0)

කී‍්‍රඩා ලෝලීන්ගේ පව් රුසියානු පිල මතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.