Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner කි‍්‍රස්ටල් පැලස් - කොළඹ පෙරමුණ ගනිති

කි‍්‍රස්ටල් පැලස් - කොළඹ පෙරමුණ ගනිති

සංජය එරමුදුගොඩ - 2015 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

අන්තර් කී‍්‍රඩා සමාජ ‘ඩයලොග්’ ලීග් ශූරතා පාපන්දු තරගාවලියේ අගෝස්තු 24 වැනිදා දක්වා පැවැති  තරග අවසානයේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කි‍්‍රස්ටල් පැලස් කී‍්‍රඩා සමාජයත්, ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කොළඹ පාපන්දු සමාජයත් සමත්ව තිබේ. කී‍්‍රඩා සමාජ දෙකම ප‍්‍රසාද ලකුණු 10 බැගින් ලබාගෙන ඇත.

මේ වන විට ‘ඒ’ කාණ්ඩයේ තරග 22 ක් අවසන් වී ඇති අතර බී කාණ්ඩයේ අවසන් වී ඇති තරග සංඛ්‍යාව 20 කි.

සහභාගී වූ තරග 5 න් තර 3 ක් ජයගෙන, එක් තරගයක් පරාජය වී, ඉතිරි තරගය ජය පරාජයෙන් අවසන් කරගනිමින් කි‍්‍රස්ටල් පැලස් කී‍්‍රඩා සමාජය ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණට පැමිණ තිබේ.

ප‍්‍රසාල ලකුණු 9 ක් ලබා සිටින නන්දිමිත‍්‍ර කී‍්‍රඩා සමාජය ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයටත්, ප‍්‍රසාල ලකුණු 8 ක් ලබා සිටින ගුවන් හමුදාව එහි තෙවැනි ස්ථානයටත් පත්ව තිබේ.

කොළඹ පාපන්දු සමාජය ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණ ඇත්තේ තමන් සහභාගීවූ තරග 4 න් 3 ක් ජයගෙන, ඉතිරි තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමිනි.

ප‍්‍රසාද ලකුුණු 10 ක් ලබා සිටින නාවික හමුදාව ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයටත්, ප‍්‍රසාද ලකුුණු 7 ක් ලබා සිටින සුපර් සන් කී‍්‍රඩා සමාජය එහි තෙවැනි ස්ථානයටත් පත්ව තිබේ.

කොළඹ පාපන්දු සමාජය සහ නාවික හමුදාව 10 බැගින් සම ලකුණු ලබා සිටියද එක් තරගයක් පරාජය වී ඇති නිසා නාවික හමුදාවට ‘බී’ කාණ්ඩයේ ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිවී තිබේ.

 

ඒ' කාණ්ඩය
ක්‍රීඩා සමාජය තරග ජය වි. නැ.  පරාජය දුන් ගෝල ලැබූ ගෝල ප්‍රසාද ලකුණු
ක්‍රිස්ටල් පැලස්  5 3 1 1 9 6 10
නන්දිමිත්‍ර 5 3 0 2 5 3 9
ගුවන් හමුදාව 4 2 2 0 6 3 8
රිනවුන්  4 2 1 1 5 3 7
පොලිසිය  3 2 0 1 6 4 6
යුද හමුදාව 2 2 0 0 4 1 6
සොලිඩ් 3 1 1 1 5 4 4
පෙලිකන්ස්  5 1 0 4 4 11 3
අප් කන්ට්‍රි ලයන්ස් 4 0 3 1 1 2 3
සෝන්ඩර්ස්  5 0 3 2 0 3 3
හයිලෑන්ඩර්ස් 2 0 1 3 1 6 1
 
බී' කාණ්ඩය
ක්‍රීඩා සමාජය තරග ජය වි. නැ.  පරාජය දුන් ගෝල ලැබූ ගෝල ප්‍රසාද ලකුණු
කොළඹ 4 3 1 0 10 1 10
නාවික හමුදාව 5 3 1 1 9 3 10
සුපර් සන් 4 2 1 1 9 4 7
ජාවාලේන් 4 2 1 1 4 1 7
දොන් බොස්කෝ 3 2 0 1 3 1 6
නිව් යංග්ස් 3 2 0 1 2 3 6
බ්ලූ ස්ටාර්ස් 3 1 1 1 1 2 4
මීගමුව යූත් 3 1 0 2 3 8 3
තිහාරිය යූත් 4 0 2 2 1 8 2
කලුතර පාර්ක් 3 0 1 2 0 3 1
මාතර සිටි 4 0 0 4 2 10 0

 


- 036


අදහස් (0)

කි‍්‍රස්ටල් පැලස් - කොළඹ පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.