Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner එෆ්. ඒ කුසලාන අවසන් වටය ඇරඹෙයි

එෆ්. ඒ කුසලාන අවසන් වටය ඇරඹෙයි

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන අන්තර් සමාජ එෆ්. ඒ. ‘කාගීල්ස් ෆුඞ් සිටි කුසලාන’ පාපන්දු තරගාවලියේ අවසන් වටයේ තරග අද ඇරැඹෙයි.

කැලණිය ජෙට් ලයිනර්ස් ක‍්‍රීඩා සමාජය සහ කොළඹ නිව් ස්ටාර් ක‍්‍රීඩා සමාජය අතර කැලණිය පාපන්දු ක‍්‍රීඩාංගණයේදී හෙට දිනයේ තරගයක් පැවැත්වේ.

අවසන් වටයේ තවත් තරග දෙකක් මේ හෙට (24 වැනිදා) පැවැත්වීමට නියමිතය.

මන්නාරම හිලරි ක‍්‍රීඩා සමාජය සහ නාවලපිටිය අප් කන්ටි‍්‍ර ලයන්ස් ක‍්‍රීඩා සමාජය අතර මන්නාරම කල්වාඩු ක‍්‍රීඩංගණයේදීද, අම්පාර බි‍්‍රලියන්ට් ක‍්‍රීඩා සමාජය සහ රත්නපුර හයිලෑන්ඞ්ස් ක‍්‍රීඩා සමාජය අතර එම්.සී. ක‍්‍රීඩාංගණයේදීද එම තරග දෙක පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙවර එෆ්. ඒ. කුසලාන තරගාවලියට කණ්ඩායම් 506 ක් සහභාගි වු අතර ඉන් කණ්ඩායම් 32 ක් මෙම අවසන් වටයට සුදුසුකම් ලබා සිටිති. තරගාවලියේ අර්ධ අවසන් පුර්ව තරග මැයි මස 14 සහ 15 දෙදින ද, අවසන් පුර්ව තරගය මැයි මස 20 වැනිදා ද පැවැත්වේ.

අවසන් මහ තරගය මැයි මස 28 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.  


- 090

 


අදහස් (0)

එෆ්. ඒ කුසලාන අවසන් වටය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.