Last Update  :  2024-05-10 17:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner එටේබෝගේ වැරදීමෙන් ක්‍රොඒෂියාව ජයගනී

එටේබෝගේ වැරදීමෙන් ක්‍රොඒෂියාව ජයගනී

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නයිජීරියානු ක්‍රීඩක ඕගනේකාරා එටේබෝ තමාගේම දැල තුළට පන්දුව දමාගැනීම නිසා පළමු භාගයේදී ගෝල 1-0 කින් පෙරමුණ ගත් ක්‍රොඒෂියාව දෙවැනි භාගයේදී  ලූකා මොඞ්රික් සාර්ථක කරගත් දඬුවම් පහර නිසා නයිජීරියාව පරදවා ගෝල් 2-0 ක පහසු ජයක් වාර්තා කළේය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘ඩී‘ කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය කලිනින්ග්‍රාඞ් ක්‍රීඩාංගණයේ සිටි 30,000 ක් වැනි අඩු ක්‍රීඩාලෝලීන් පිරිසක් මැද සෙනසුරාදා (16 වැනිදා) රාත්‍රියේදී පැවැත්විණ.

තරගය ආරම්භ වීමටත් පෙර ජනප්‍රියතම කණ්ඩායම නයිජීරියාව බවට පත්වී තිබුණත් වසර 1998 දී අවසන් පුර්ව වටයට පවා සුදුසුකම් ලැබූ ක්‍රොඒෂියාව ඊයේ ලැබුවේ පෙරළිකාර ජයග්‍රහණයකි. දශක දෙකකට පසුව ඔවුන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ලැබූ පළමු ජයග්‍රහණයද එය විය. පසුගිය තරගාවලියට එක්වූ ක්‍රොඒෂියාව සත්කාරක බ්‍රසීලය සමග පැවැති තරගයෙන් ගෝල 3-1 ක පරාජයක් විඳ ගත්තේය.

පෘතුගීසි ක්‍රීඩා සමාජයක් වන ෆියර්න්ස් කණ්ඩායම සඳහා පවුම් මිලියන 6.35 ක ගිවිසුමකට පසුගිය සඳුදා අත්සන් තබා නයිජීරියාවේ ජනප්‍රියතම ක්‍රීඩකයා බවට පත්වූ එටේබෝ ඊයේ තරගයේදී මහත් අපකීර්තියකට මුහුණ දුන්නේ තම පිලට විනාශය කැඳවූ ක්‍රීඩකයා වෙමිනි. 32 වැනි මිනිත්තුවේදී මොඞ්රික් ගැසූ කෝනර් පහරකින් ගෝල් කණුව අසළට පැමිණි පන්දුව තම ගෝල් රකින්නා වෙත යාමට දැමූ පුංචි තට්ටුව අන්තිමේදී කෙළවර වූයේ ගෝලයක් බවට පත්වීමෙනි. එපමණක් නොව ඔහු නයිජීරියාවේ මහා  අපරාධකරුවකුගේ තත්ත්වයට පත් වූයේ තමන්ගේම දැළට පන්දුව යොමු කිරීමෙනි.

යුරෝපයේ දුර්වලතම පාපන්දු කණ්ඩායමක් ලෙස ලේබල්ගතවී සිටි ක්‍රොඒෂියාවට තරගයේ ආරම්භයේ සිටම දැඩි අභියෝගයක් එල්ල කරමින් සිටි නයිජීරියාව මේ සිදුවීමත් සමග දැඩි පසුබෑමකට ලක්වී සිටියේය.  ඉන් පසුව ඔවුන් වෙතින් පෙන්නුම් වූයේ ක්‍රොඒෂියාවට වඩා දුර්වල ක්‍රීඩා විලාසයකි.

එටේබෝ තමන්ගේම දැල තුළට පන්දුව දමාගැනීම නිසා ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ  පිට පිට තරග දෙකකදී එවැනි දුර්වලතාවක් කළ පළමු කණ්ඩායම බවටත් පත්විය. ඊට පෙර ඔවුන් 2014 තරගාවලියෙන් ඉවතට විසිවූ අවසන් 16 දෙනාගේ වටයේදී ප්‍රංශය හමුවේ පරාජයට පත්වූයේ ද එවැනි අභාග්‍යසම්පන්න සිදුවීමකිනි.

දෙවැනි භාගයේදී නයිජීරියානු ක්‍රීඩකයන් නීතිවිරෝධි ක්‍රීඩා හැසිරීම් කිහිපයක්ම දක්නට ලැබුණු අතර එහි ප්‍රතිඵලය වූයේ 71 වැනි මිනිත්තුවේදී ක්‍රොඒෂියාට දඬුවම් පහරක් ලැබීමයි. මොඞ්රික් නිවැරැදි ඉලක්කයට පන්දුව එල්ල කරමින් ක්‍රොඒෂියාවේ ජයග්‍රහණය තහවුරු කළේය.


- 077

 


අදහස් (0)

එටේබෝගේ වැරදීමෙන් ක්‍රොඒෂියාව ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.