Last Update  :  2024-05-10 11:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner උරුගුවේට 3-0 ක ජයක්

උරුගුවේට 3-0 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තවත් දින 6 කින් ආරම්භ වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වන රටවල් අතර පෙරහුරු තරගයකදී උරුගුවේ විසින් උස්බෙකිස්තානය ගෝල 3-0 කින් පරාජය කරන ලදී.

තරගයේ 32 වන මිනිත්තවේදී පළමු ගෝලය ලබා ගැනීමට උරුගුවේ ග්යෝජියන් ඩි ඇරස්කීටා හැකියාව ලැබුණි. දඬුවම් පහරෙන් නිසි ඵල නෙලාගත් උරුගුවේ ලුයිස් ස්වාරිස් තරගයේ 54 වන මිනිත්තුවේදී නැවතත් ගෝලයක් වාර්තා කරමින් උරුගුවේට ජයග්‍රහණයේ පාර කපා දුන්නේය. නැවතත් 73 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ජෝස් මාරියා ගිමෙනෙස්ද ගෝලයක් ලබා තරගය පහසුවෙන් ජය ගත්තේය. මෙම තරගය අතරවාරයේ උස්බෙකිස්තානයේ අක්‍රම්ජොන් කොමිලෝව්ට රතු කාඞ්පත නිකුත් කිරිම නිසා ඔවුන්ට ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුවිය.

1930 සහ 1950 යන වර්ෂයන්හීදි ලෝක ශූරයන් බවට පත්වූ උරුගුවේ මෙවර පළමු වටයේදී  ‘ඒ ’ කාණ්ඩයෙන් තරගවැදීමට නියමිතය. ජුනි 15 වැනිදා ඊජිප්තුවට එරෙහි තරගයෙන් තරගාවලියට අවතීර්ණ වන උරුගුවේ ජුනි 20 වැනිදා සවුදි අරාබිය සමග තරග වැදීමට නියමිතය. උරුගුවේ මෙවර සත්කාරකත්වය දරන රුසියාව සමගින් ජුනි 25 වැනිදා පළමු වටයේ අවසන් තරගයට සහභාගි වීමට නියමිතය.

 

උරුගුවේ සංචිතය :
ෆර්නැන්ඩෝ මුස්ලෙරා, මාටින් සිල්වා, මාටින් කැම්පනා, ඩියෝගෝ ගොඩින්, සෙබස්ටියන් කෝටිස්, ජොස් මාරියා,ගිමෙනිස් මැක්සිමිලානෝ පෙරේරා, ගැස්ටන් සිල්වා, මාටින් කැසරස්, ගුල්ලෙර්මෝ වරෙලා, නහිටන් නැන්ඩිස්, ලුකාස් ටොරේරා, මාටියාස් වෙසිනෝ, රොඩ්‍රිගෝ බෙන්ටන්සර්, කාලස් සැන්චස්, ගියෝගියන් ඩි ඇරෙස්කේටා, ඩීගෝ ලැක්සාල්ට්, ක්‍රිස්ටියන් රොඩි්‍රගෝස්, ජෝනතන් උරේටාවිස්කයා, ක්‍රිස්ටියන් ස්ටුආනි, මැක්සිමිලානෝ ගොමෙක්ස්, එඩින්සන් කැවානි, ලුයිස්
ස්වාරිස්

 

- 024


අදහස් (0)

උරුගුවේට 3-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.