Last Update  :  2024-05-10 11:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ආර්ජන්ටිනා පිලෙන් ඉකාඩි ඉවතට

ආර්ජන්ටිනා පිලෙන් ඉකාඩි ඉවතට

Nisanka Sandeepani - 2018 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුසියාවේදී ආරම්භ වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සාමාජිකයන් 23 දෙනෙකුගෙන් යුත් ආජන්ටිනා සංචිතයෙන් මයුරෝ ඉකාඩිව ඉවත් කර පෝලෝ ඩිබාලා ඇතුලත් කර තිබේ. ඉකාඩි මෙම තරග වාරය තුලදී තරග 34 කට සහභාගී වී ගෝල 29 ලබා ඇතත් ලෝක කුසලාන තරගාවලියේදී ආර්ජන්ටිනා කණ්ඩායමේ ස්ථානයක් ලබා ගැනීමට අපොහොසත් වී ඇත. 

ආජන්ටිනා කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කරන ජෝජ් සාම්පෝලි මහතා මොවුන් දෙදෙනාටම අනතුරු ඇඟවිමක් කරමින් පවසා ඇත්තේ මෙම තරග වාරය තුළදී සුපුරුදු දක්ෂතාවයව පැමිණීමට නොහැකි නම් කණ්ඩායමේ ස්ථානයක්  දිනා ගැනීම ඉතා බරපතල බවයි. 

ජෝජ් සාම්පෝලි මහතා මේ මස ආරම්භයේදීම 35 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත් වීමට ඉකාඩිට බලාපොරොත්තු දුන්නද, ඔහුට අවසන් 23 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත් විමට අවස්ථාව හිමි නොවීය. 

මෙවර සංචිතයට ඩිබාලා මෙන්ම ජුවෙන්ට්ස් කණ්ඩායමේ ක්‍රීඩකයකු වන ගොන්සාලෝ හිගුවෙන් ද ආජන්ටිනා කණ්ඩායමට ඇතුළත් කර ඇත. තවමත් 24 වියේ පසුවන ඩිබාලා මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වනු ලබන්නේ පළමු වතාවට වීමද විශේෂත්වයකි. 
ආජන්ටිනා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේදී  ‘ඩී’ කාණ්ඩය යටතේ අයිස්ලන්තය, ක්‍රෝඒශියාව සහ නයිජීරියාව සමග තරග වැදීමට නියමිතය. 

අජන්ටිනා සංචිතය 
ලයනල් මෙසී, ඒන්ජල් ඩි මාරියා, ෆ්රැන්කෝ ආමනි, විලි කැබැල්ලෙරෝ, සර්ජායෝ රොමේරෝ, මාකෝස් ඇකියුනා, ක්‍රිස්ටියන් ඇන්සල්ඩි, ෆෙඩරිකෝ ෆාසියෝ, ජවීර් මැස්චෙරානෝ, ගේබි්‍රයෙල් මකෑඩෝ, නිකලස් ඔටොමෙන්ඩි, මාකෝස් රොජෝ, නිකලස් ටැග්ලියාෆිකෝ, එවර් බැනේගා, ලූකස් බිග්ලියා, මැනුයෙල් ලැන්සිනි, ගියෝවනි ලෝ සෙල්සෝ, මැක්සිමිලියානෝ මෙසා, එඩුයාඩෝ සැල්වියෝ, සර්ජියෝ ඇගුඑරෝ, පෝලෝ ඩිබාලා, ගොන්සාලෝහ හිගුයේන් සහ ක්‍රිස්ටියන් පවෝන් 

 - 024

 

 

 


අදහස් (0)

ආර්ජන්ටිනා පිලෙන් ඉකාඩි ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.