Last Update  :  2024-05-10 17:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ආජන්ටිනා - අයිස්ලන්ත තරගය සමවෙයි

ආජන්ටිනා - අයිස්ලන්ත තරගය සමවෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හැටහතර වැනි මිනිත්තුවේදී අයිස්ලන්තයේ ක්‍රීඩකයෙකුගේ බාධාකිරීමක් නිසා හිමිවූ වූ දඬුවම් පහර සාර්ථක කරගැනීමට ලයනල් මෙසී අපොහොසත් වීමත් සමග මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ආජන්ටිනාව සහභාගි වූ පළමු තරගය ගෝල 1-1 ලෙස සමව අවසන් විය. ‘ඩී ’ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගය රුසියාවේ ස්පාර්ටාක් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා ) නිමාවට පත්විය.

ආජන්ටිනා කණ්ඩායමේ නායක ලයනල් මෙසී සුපුරුදු රිද්මයට නොපැමිණීම නිසා පහසුවෙන්ම ලබා ගැනීමට තිබූ ගෝල අවස්ථා කිහිපයක්ම මග හැරී ගියේ ආජන්ටිනාවේ බලාපොරොත්තු බිඳ දමමිනි. අයිස්ලන්තයේ දැල රකින ක්‍රීඩක හැන්ස් හෝල්ඩෝසන් විශිෂ්ට ලෙස දැල රැකීම හේතුවෙන් තම කණ්ඩායම අවස්ථා කිහිපයකදීම ආජන්ටිනා ප්‍රහාරාත්මකයන්ගෙන්  බේරා ගැනීමට කටයුතු කළේ පළමු තරගයෙන්ම සාර්ථක ආරම්භයක් අයිස්ලන්තයට උදාකර දෙමින්ය.

තරගයේ 19 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ආජන්ටිනාවේ කුන් ඔගිරෝ ආජන්ටිනාවට බලාපොරොත්තු ඔපනංවමින් තරගයේ පළමු ගෝලය වාර්තා කළේය. ආජන්ටිනාවේ බලාපොරොත්තු සැනින් අවසන් කළ අයිස්ලන්තයේ ෆින්බොගසන් තරගයේ 23 වැනි මිනිත්තුවේදී අයිස්ලන්තයේ මංගල ලෝක කුසලාන ගෝලය වාර්තා කරමින් අවතීර්ණ විය.

පළමු භාගය අවසානයේ කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා සිටි අතර අයිස්ලන්තයට එය තරගයේ රැදී සිටීමට මහත් සැනසිල්ලක් බවට පත්විය. මෙවර තරගාවලියේ කාගේත් අවධානය යොමු වූ ආජන්ටිනාව ජයග්‍රහණයේ වියරුවෙන් දෙවැනි භාගයේ තරගයට අවතීර්ණ වුවත් එයට අයිස්ලන්තයෙන් බුරුලක් හිමි නොවීම විශේෂත්වයකි.  

ආජන්ටිනාවේ ජැවීර් මාස්චෙරානෝ සිය 144 වැනි තරගයට සහභාගි වෙමින් ආජන්ටිනාව වෙනුවෙන් වැඩිම තරග සංඛ්‍යාවකට සහභාගී වූ පළමු ක්‍රීඩකයා බවට ඉතිහාසයට එක් වෙද්දී, අයිස්ලන්තය අද(16 වැනිදා) මංගල ලෝක කුසලාන තරගයට සහභාගි විය.  

දෙවන භාගයේ ගෝලයක් වාර්තා කිරිමට දෙපිලම පිපාසයෙන් පෙලුණත් එයට අවස්ථාවක් නොලැබිණි. නමුත් ආජන්ටිනාව සමගින් කරටකර තරගයක් ලබාදුන් අයිස්ලන්තය තරගය අවසානය දක්වා ආජන්ටිනාවේ ඉදිරිපෙළ රකින්නන් ඉතා සාර්ථක අයුරින් මෙල්ල කරමින් තරගය ජය පරාජයෙන් තොරව බේරා ගැනීමට මහත් ප්‍රයත්නයක් දැරීය.

තරගයේ 81 වැනි මිනිත්තුවේදී ලයනල් මෙසී දියත්කළ පා පහර එවරද ගෝල සීමාවෙන් පිටතට ගමන් කිරීම නිසා ආජන්ටිනාවේ අවසන් බලාපොරොත්තුව මගගැරී ගියේ පාපන්දු රසිකයන් අන්දමන්ද කරමිනි. තරගය පුරාවටම ඉතා දක්ෂ අයුරින් දැල රැකි අයිස්ලන්තයේ හැන්ස් හෝල්ඩෝසන් තරගයේ වීරයා ලෙස නම් කෙරිණ.

ජුනි 21 වැනිදා ආජන්ටිනාව ක්‍රෝඒෂියාව සමගින් දෙවන තරගයට සහභාගී වීමට නියමිතය. අයිස්ලන්තයේ දෙවන තරගය ජුනි 22 වැනිදා නයිජීරීයාවට එරෙහිව පැවැත්වේ.

 

-   024


අදහස් (0)

ආජන්ටිනා - අයිස්ලන්ත තරගය සමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.