Last Update  :  2024-05-10 11:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner අවාසනාවන්ත චිලීයෝ සර්බියාව පරදවති

අවාසනාවන්ත චිලීයෝ සර්බියාව පරදවති

Nisanka Sandeepani - 2018 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තවත් දින 9 කින් ආරම්භ වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වන රටවල් අතර පෙරහුරු තරගයකදී චිලී  රාජ්‍ය විසින් ගෝල 1-0 කින් සර්බියාව පරාජය කරන ලදි. මෙම තරගය ඊයේ (4 වැනිදා ) ඔස්ට්‍රියාවේ ග්‍රාස් නුවරදී පැවැත්විණ. 

තරගයේ 87 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ චිලි රාජ්‍යයේ ගිල්ලෙර්මෝ මරිපාන් ජයග්‍රාහී ගෝලය වාර්තා කරමින් තරගය අවසන් වීමට මිනිත්තු 3 තිබියදී චිලි රාජ්‍යයට ජයග්‍රහණය ගෙනාවේය.

සර්බියාව මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ‘ඊ ’ කාණ්ඩයෙන් තරග වදී. පළමු වටයේදී බ්‍රසීලය, ස්විට්සලන්තය සහ කොස්ටරිකාව යන රටවල් සමඟ සර්බියාව තරග වැදීමට නියමිතය. එහෙත් චිලි රාජ්‍යයට මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට තරම් වාසනාවක් නොමැති විය.

සුදුසුකම් ලැබීමේ වටයේදී එහි පෙරමුණ ලබාගත් බ්‍රසීලය, උරුගුවේ, ආජන්ටිනාව, පේරු රාජ්‍ය සහ කොළොම්බියාව ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගනිද්දී, චිලි, පැරගුවේ සහ බොලිවියා යන රටවලට තවත් වසර 4ක් බලා සිටීමට සිදු විය. 

ජුනි 17 වැනිදා කොස්ටරිකාව සමගින් තරගාවලියට අවතීර්ණ වන සර්බියාව ජුනි 22 වැනිදා ස්විට්සර්ලන්තය සමඟ තරග වැදීමට නියමිතය. ජුනි 27 වැනිදා ප්‍රබල බ්‍රසීලය සමගින් පළමු වටයේ අවසන් තරගයට  සහභාගී වීමට නියමිතය. 

- 024

 


අදහස් (0)

අවාසනාවන්ත චිලීයෝ සර්බියාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.