Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner අතපසුවීම් පීරු පරාජයේ පාර කපයි

අතපසුවීම් පීරු පරාජයේ පාර කපයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 36 කට පසුව පළමු වතාවට ලෝක කුසලාන පාපන්දු තරගයකට ක්‍රීඩා කළ පීරූ රාජ්‍යය දඬුවම් පහරක් අසාර්ථක කරගනිමින්ද, ගෝල ලබාගැනීමට තිබූ අනගි අවස්ථා ගණනාවක් අතපසු කරමින්ද පෙන්නුම් කළ දුර්වල ක්‍රීඩා විලාසයේ ප්‍රතිඵලයක් ලෙස ලෝක කුසලාන තරගාවලියේ ඩෙන්මාර්කය සමග පැවැති තරගයේදී ගෝල 1-0 ක පරාජයක් අත්වින්දේය. 

ක්‍රීඩාලෝලීන් 40,000කට අධික පිරිසක් මැද සරන්ස්ක් හී මොර්ඩෝවියා පිටියේදී ඊයේ රාත්‍රී පැවැති මේ තරගයේ පළමු භාගය දෙපිලම ගෝල නොමැතිව නිමා කරගත්තේ පෙරමුණ ගැනීමට පීරූ පිලට තිබූ අනගි අවස්ථාව මඟ හැරීයාම හේතුවෙනි.  

තරග තීරකවරයා දඬුවම් පහරක් එල්ල කිරීමේ අවස්ථාව දකුණු අමෙරිකානු පිලට උදාකර දුන්නේ වීඩියෝ සහායක තරග තීරකවරයාගේ අදහස් විමසීමෙන් පසුවය. එවැනි විමසීමක් මෙවර තරගාවලියේ සිදුවූයේ දෙවැනි වතාවටය. ඊට පෙර එදිනම ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව  අතර තරගයේදී එවැනි විමසීමක් කෙරිණ. 

කෙසේ වෙතත් ලද අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට පීරූ පිලට තිබූ වාසනාව අහිමි වී ගියේ  ක්‍රිස්ටියන් කුයිවා ගැසූ පහරින් ඉගිළුණු පන්දුව ගෝල් කණුවේ ඉහළ හරස් දණ්ඬේ වැදී ඉවතට ඇදී යාමෙනි. පහර මඟහැරගත් මැදපෙළ  ක්‍රීඩකයා තරගයේ පළමු භාගයෙන් පසුව පිටියෙන් පිටතට පැමිණියේ කඳුලු පිරුණු දෙනෙතිනි.

මේ දඬුවම් පහර මෙවර තරගාවලියේ මෙතෙක් පැවැති තරග 7 ක් අතරින් ලැබුණු පස්වැනි දඬුවම් පහරය. ඒ අතරින් යාර 12 ක දුරක සිට එල්ල කිරීමට ලැබෙන මේ පහසු දඬුවම් පහර මඟ හරවා ගත්තේ කුයිවා සහ ඊයේම පැවැති අයිස්ලන්තය සමග තරගයේදී එවැනි අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන් ආජන්ටිනා පිලේ නායක ලයනල් මෙසී පමණි.

කෙසේ වෙතත් දෙවැනි භාගයේ 59 වැනි මිනිත්තුවේදී යූසුෆ් පෝල්සන් ලබාගත් ගෝලයෙන් පීරූ රාජ්‍ය කණ්ඩායමේ ඉරණම තීන්දුවූ අතර ඩෙන්මාර්කයේ ජයග්‍රහණය තහවුරු විය.

- 077

 


අදහස් (0)

අතපසුවීම් පීරු පරාජයේ පාර කපයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.