Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner 200 වැනි තරගය කාම්බෝජයේදී

200 වැනි තරගය කාම්බෝජයේදී

ශනුක අරවින්ද - 2016 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව හා කාම්බෝජය අතර ජාත්‍යන්තර පාපන්දු තරගය ලබන ඉරිදා (9) කාම්බෝජයේ ‘නොම්ෆෙන්’ නුවරදී පැවැත්වේ. ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මේ වනවිට නොම්ෆෙන් නුවර බලා ගොස් සිටියි.

දෙරට අතර සුහතදාවය තහවුරු කිරීම සඳහා සංවිධානය කරන මෙම තරගයේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ 200 අන්තර් ජාතික පාපන්දු තරගය එය වීමය.

නව නායකයෙකු හා නව පුහුණුකරුවකු යටතේ ශ්‍රී ලංකාව ලබන ඉරිදා තරග බිමට පිවිසෙන අතර එතෙක් පුහුණුකරු ධුරය දැරූ සම්පත් පෙරේරා මහතාගේ ඉවත්වීමෙන් එම ධුරයට ඩඞ්ලි ස්ටෙන්බෝල් මහතා පත්ව සිටියි. ඔහු මෙතෙක් එහි දැරුවේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සහයක පුහුණුකරු ධුරයයි.

මෙම තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබන නොවැම්බර්  3 වැනිදා සිට මලයාසියාවේ ‘කුබින්’හිදී පැවැත්වෙන සහයෝගිතා කුසලාන තරගාවලියට සහභාගිවීමට නියමිතය. එහිදී ශී‍්‍ර ලංකා කණ්ඩායම ලා ඕසයට එරෙහිව නොවැම්බර් 6 වැනිදාද මොන්ගෝලියාවට එරෙහිව නොවැම්බර් 9 වැනිදාදතරග දෙකකට සහභාගි වෙයි.

අන්තර් ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව කාම්බෝජය 173 වැනි  ස්ථානයේද,  ශ්‍රී ලංකාව 193 වැනි ස්ථානයේද  පසුවේ. ආසියානු පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව කාම්බෝජය පසුවන්නේ 33 වැනි ස්ථානයේය. ශ්‍රී ලංකාව 42 වැනි ස්ථානයට පත්ව සිටින්නේ එහි රටවල් 52 අතරිනි.

මෙම වසරේදී ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වූ තරග තුනකින් දෙකක් පරාජය වී සිටියි. ඒ බංග්ලාදේශය (4-2) හා නේපාලයට (1-0) එරෙහිවය.

වසර 2015 දී ශ්‍රී ලංකාව සහභාගිවූ ජාත්‍යන්තර පාපන්දු තරග හතකදී ජයගෙන ඇත්තේ නේපාලයට එරෙහි තරගය පමණි. එහිදී භූතානයට එරෙහිව ලෝක කුසලාන (2018) කලාපීය  සුදුසුකම් ලැබීමේ තරගවටයේදී ලද පරාජය කැපී පෙනෙන්නේ එතෙක් ජාත්‍යන්තර පාපන්දු පිටියේදී ශ්‍රී ලංකාව භූූතානයට එරෙහිව පරාජයට පත්ව නැති බැවිනි.

ශ්‍රී ලංකාව 1952 දී පළමු ජාත්‍යන්තර පාපන්දු තරගයට සහභාගිවීමෙන් පසුව ලෝක ශ්‍රේණිගත කිරීම් හොඳම ස්ථානය ලබා ඇත්තේ 1998 දීය. ඒ 122 වැනි  ස්ථානයට පත්වෙමිනි. එහි පහළටම වැටුණු අවස්ථාව වසර 2015 දී වර්තාවන අතර ඒ 193 වැනි ස්ථානයට පත්වෙමිනි.

ශ්‍රී ලංකාව මේ වනවිටත් පසුවන්නේ එම ස්ථානයේය. එදා මෙදාතුර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු පිටියේ ඉහළම ජයග‍්‍රහනය වසර 2008 දී පාකිස්තානයට එරෙහිව ලැබීය. ඒ ගෝල 7-1ක් ලෙසටය.

එහිදී ශ්‍රී ලංකාවේ ලොකුම පරාජය ලෙස එදා මෙදා තුර සටහන්වී ඇත්තේ 1964 දීය. එවකට නැගෙනහිර ජර්මනියට ශ්‍රී ලංකාව ගෝල 12-1ක් ලෙස පරාජය වී තිබේ. ශ්‍රී ලංකාවේ ඉහළම තරගාවලි ජය 1995 දී ‘සාක් රන් කුසලාන’ දිනාගැනීමෙන් වාර්තා විය.

1993 සිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරග 143 කට සහභාගි වී තිබේ. එහිදී තරග 36 ක් පමණක් ශ්‍රී ලංකාව ජයගෙන තිබේ. තරග 24 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. ඉතිරි තරග 83 පරාජයට පත්ව තිබේ.

එකී කාලය තුළදී ශ්‍රී ලංකාව පුහුණුකරුවන් 13 දෙනකුගේ සේවය ලබාගෙන තිබෙන අතර ඉන් විදේශීය පුහුණුකරුවන්ගේ ගණන හතකි.

 

 


අදහස් (0)

200 වැනි තරගය කාම්බෝජයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.