Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football හිටපු සභාපති අනුර දක්ෂිත පාර්ශ්වයට එක්වෙයි

හිටපු සභාපති අනුර දක්ෂිත පාර්ශ්වයට එක්වෙයි

editorial - 2023 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයේදී (2023-27) සිය සහයෝගය දක්ෂිත තිලංග සුමතිපාල පා්ර්ශ්වයට ලබාදෙන බව පාපන්දු ආයතනයේ හිටපු සභාපතිවරයකු වන අනුර ද සිල්වා මහතා පවසයි.

ජස්වර් උමාර් මහතා සමග එකට සිට ගැනීම තමාගේ හෘද සාක්ෂියට අනුව සිදු කළ නොහැකි බැවින්, හා මේ අවස්ථාවේදී මධ්‍යස්ථව සිටීමත් කළ නොහැකි බැවින්ද  එම පාර්ශ්වයේ ජයග්‍රහණය සඳහා තමන් කැපවන බවත් ඔහු ‘ලංකාදීප’යට පැවැසීය.

පොල්ගහවෙල පාපන්දු ලීගයේ වත්මන් සභාපතිවරයා වන අනුර ද සිල්වා මහතා එහිදී මෙසේ ද පැවැසීය.

“හිටපු සභාපති ජස්වර් උමාර් මහතාට වැඩිම චෝදනා එල්ල කළ රංජිත් රුද්‍රිගු හා වෛද්‍ය මනිල් ප්‍රනාන්දු යන මහත්වරු අද ඔහුගේ සහයෝගයට ඉදිරිපත් වෙලා තිබෙනවා. ඔවුන් අද ජස්වර් උමාර් මහතාගේ පැත්තේ හිටගෙන ඉන්නේ කොහොම ද කියන එකත් විමතියක්. මේ අය එකට එකතු වෙන එක ‘ෆිෆා’ එකට වැදගත් නෑ. ඔවුන්ට වැදගත් වන්නේ නිලවරණය හරියට කරන එකයි.

ජස්වර් උමාර් මහතා සැප්තැම්බර් 29 වැනිදා නිලවරණයෙන් සභාපති ධුරයට නිතරගයෙන් පත්වන බවට කෙරෙන ප්‍රකාශ වැරැදියි. පාපන්දු ආයතනයේ සංශෝධිත ව්‍යවස්ථාවට අනුව මෙදා නිලවරණයේදී ලීගයකට හිමි වන ඡන්ද ගණන එකකට පමණක් සීමා වෙනවා.

ඒ ඡන්දය, නිලවරණයේදී එකම අවස්ථාවකදී තමන් මනාපය පළ කරන පාර්ශ්වය වෙනුවෙන් සලකුණු කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ අනුව මෙදා නිලවරණයේදී ලීගයක් මනාපය පළ කරන්නේ වෙන වෙනම අපේක්ෂකයන්ට නොවෙයි. කණ්ඩායමටම එකම මනාපයක් පමණයි.

මෙම තත්ත්වය තුළ දක්ෂිත සුමතිපාල මහතාගේ සභාපති අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප වුණත්, ඔහුගේ කණ්ඩායමට අනෙකුත් තනතුරුවලට එන්න බාධාවක් නෑ. එහෙම දක්ෂිත සුමතිපාල මහතාගේ පාර්ශ්වයට නිලවරණය ජය ගන්න හැකි වුණොත්, තවත් මාස හයක් ඇතුළත කැඳවිය යුතු නිලවරණයකදී සභාපති ධුරය පිරවීමේ අවස්ථාව ලැබෙනවා.”

අනුර ද සිල්වා මහතා සභාපති ධුරය දරන පොල්ගහවෙල ලීගයේ සාමාජිකයන් වන සමීර සම්පත් අක්මීමන හා ලියෝ ප්‍රනාන්දු යන මහත්වරුන් නිලවරණයේදී දක්ෂිත සුමතිපාල පාර්ශ්වයෙන් විධායක කමිටු සාමාජික ධුර දෙකක් සඳහා නාමයෝජනා බාර දී තිබේ.


අදහස් (0)

හිටපු සභාපති අනුර දක්ෂිත පාර්ශ්වයට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.