Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සහිරා සුපිරි 16 - සත්සාමාජික පාපන්දු හෙට

සහිරා සුපිරි 16 - සත්සාමාජික පාපන්දු හෙට

editorial - 2023 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

කොළඹ සහිරා විදුහල් ආදි ශිෂ්‍ය සංගමය 17 වැනි වරටත් සංවිධානය කරන ‘නෝලිමිට්’ ශූරතා කුසලාන සහිරා සුපිරි 16 දෙනාගේ සත් සාමාජික පාපන්දු තරගාවලිය හෙට (9) රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණ පිටියේදී පැවැත්වේ.

මෙම තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා ‘‘නෝලිමිට්’ ආයතනය ප්‍රධාන අනුග්‍රාහක ආයතන 11ක් හා සහය අනුග්‍රාහක ආයතන 10ක් ඉදිරිපත්වී සිටී.

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ අධික්ෂණයෙන් නිර්දේශ කරගත් පාසල් කණ්ඩායම් 16ක් මෙවරත් තරගාවලියට සහභාගි වෙති. සත්කාරක පාසල් හැරෙන්නට ගියවර (2023) කුසලාන දිනාගත්  ගම්පොල සහිරා විදුහල ඇතුළුව කණ්ඩායම් 16ක් මෙවර තරගාවලියට නිර්දේශවී සිටී.

මෙම තරගාවලිය නරඹන්නන්ට විවෘතව පවතින අතර ඒ පිළිබඳව මාධ්‍ය සම්බන්ධීකාරක මුස්නි මුන​ාස්  මහතා දුරකථන අංක 0770782783 ඔස්සේ ඇමතීමෙන් වැඩි තොරතුරු ලබාගත හැකිය.

 

‘නෝලිමිට්’ කුසලාන 17 වැනි සහිරා සුපිරි 16 දෙනාගේ සත් සාමාජික පාපන්දු තරගාවලියට සහභාගි වන පාසල් කණ්ඩායම්:-

කොළඹ අල් හික්මා, කොළඹ ඇලීතියා  ජාත්‍යන්තර පාසල, කොළඹ දරුසලාම්, කඳාන ද මැසි​නෝද්, ගම්පොළ සහිරා, කොළඹ ඉසිපතන, යාපනය මැදි, නුගේගොඩ ලයිසියම්, මීගමුව මාරිස්ටෙලා, කොළඹ රාජකීය, ගල්කිස්ස ශාන්ත තෝමස්, කොටහේන ශාන්ත බෙනඩික්ට්, කොළඹ ශාන්ත ජෝශප්, කොළඹ ටී.බී. ඡායා සහිරා හා කොළඹ සහිරා.


අදහස් (0)

සහිරා සුපිරි 16 - සත්සාමාජික පාපන්දු හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.