Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු නිලවරණය නිරීක්ෂණයට ලෝකෙට ලොක්කෝ තිදෙනෙක් එති

පාපන්දු නිලවරණය නිරීක්ෂණයට ලෝකෙට ලොක්කෝ තිදෙනෙක් එති

editorial - 2023 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

හෙට (29 වැනිදා) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය නිරීක්ෂණය කිරීම සඳහා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සමුළුවේ නියෝජිතයන් 4 දෙනකු ඊයේ (27) රාත්‍රියේ දිවයිනට ළඟා වූහ.

මෙම පිරිසට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජික රටවල අභ්‍යන්තර කටයුතු භාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු ද ඇතුළත්ය.

සිකුරාදා පස්වරු 3.00 ට ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ලීග 58ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්  ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය පැවැත්වෙයි. එහිදී සිව් වසරක කාලයක් සඳහා (2027 දක්වා) බල පැවැත්වෙන පරිදි විධායක සභාව පත්කර ගැනේ.

නිලවරණය සඳහා ඉදිරිපත්ව තිබෙන නාමයෝජනා සඳහා අවසන් අනුමැතිය ක්‍රීඩා අමාත්‍යාංශ අභියාචනා කමිටුවේ නිගමන ඊයේ පස්වරුව වනවිටත් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොතිබුණි. තරග වදින දෙපාර්ශ්වයේ නාමයෝජනා රැසකට එරෙහිව එම දෙපාර්ශ්වයෙන්ම එකිනෙකාට එරෙහිව විරෝධතා  ඉදිරිපත් කර තිබුණි.


අදහස් (0)

පාපන්දු නිලවරණය නිරීක්ෂණයට ලෝකෙට ලොක්කෝ තිදෙනෙක් එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.