Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නිලවරණය ලං වෙද්දී නියෝජිතයන් වෙනස් කරලා

නිලවරණය ලං වෙද්දී නියෝජිතයන් වෙනස් කරලා

editorial - 2023 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයට දින කීපයක් තිබියදී ලීග කීපයක ඡන්ද නියෝජිතයන් වෙනස් කිරීමට ගෙන තිබෙන උත්සාහයන් තුළින් එහි ප්‍රතිඵලයට බලපෑමක් කෙරෙමින් පවතින බවත් ඒ පිළිබඳව නිලවරණ කමිටුවේ අවධානය යොමු නොවීම කනගාටුවට කරුණක් බවත් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන අනුරද සිල්වා මහතා කොළඹදී පෙරේදා (26) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

හෙට (29) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයට (2023-27) තරග වදින දක්ෂිත සුමතිපාල පාර්ශ්වයට සිය සහයෝගය ලබාදීමට ගෙන තිබෙන තීරණය පිළිබඳව කරුණු පැහැදිළි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි. එම පාර්ශවයේ විධායක සභික ධුරයකට තරග වදින ටී. සුදාගර් මහතා සමග එක්ව මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

එහිදී අදහස් දැක්වූ අනුර ද සිල්වා මහතා ඡන්ද නියෝජිතයන් අවසන් මොහොතේ වෙනස් කිරීමට උත්සාහ දරා තිබෙන ලීග හතරක් පිළිබඳව දැනටමත් වාර්තා වී ඇතැයි පැවසීය.
එහිදී ඔහු මෙසේ ද පැවසීය.

“පාපන්දු ආයතනයේ දූෂණ චෝදනා රැසක් ලබාපු අය එක්ක එකට වාඩිවෙන්න හිරිකිත හින්දා මම දක්ෂිත සුමතිපාල මහතාට සහාය දෙන්න තීරණය කළා.

ජස්වර් උමාර් මහතාට ලොකුම චෝදනා එල්ල කළ ප්‍රධානම දෙන්නා වුණේ රංජිත් රුද්‍රිගු හා වෛද්‍ය මනිල් ප්‍රනාන්දු යන මහත්වරුයි. අන්තිමේ දී ඔවුන් දෙන්නා කිසිම ලැජ්ජාවක් නැතිව ජස්වර් උමාර් මහතාට එක්වුණා“

“නිලවරණයට මගෙන් සහයෝගය ඉල්ලලා ඉල්ලීම් රැසක් ජස්වර් උමාර් පාර්ශ්වයෙන් ඉදිරිපත් වුණා. නමුත් මට හෘද සාක්ෂියට අනුව ඒකට එකඟ වෙන්න බෑ කියලා මම කිව්වා. ඒ සඳහා අවස්ථා කීපයකදී අපි මුණ ගැසුණා. එතනදී ජස්වර් උමාර් මහතා කියපු දෙයක් තමයි මම නිලවරණයෙන් අවුරුදු 4 කට පත්වෙලා ආවත් සභාපති ධුරයේ ඉන්නේ එක අවුරුද්දක් විතරයි. ඊට පස්සෙ මම අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් ලබාදෙන රැකියාවකට යනවා කියලා.“

“මේ කුමන කතා කීවත් මම පාපන්දු ආයතනයේ සභාපති ධුරයේ ඉන්නකොට අවුරුදු හතරක් මගේ ලේකම් වුණේ ජස්වර් මහතා. ඒ නිසා ඔහු ගැන කියන්න මම තරම් හොඳට දන්න වෙන කෙනෙක් නැහැ.

“දක්ෂිත සුමතිපාල මහතාට දූෂණ චෝදනා නෑ. ඔහුට හොඳ දැක්මක් හා ඉවක් තිබෙනවා. ඒ නිසයි මම ඔහුට සහය දෙන්න තීරණය කළේ. “

නිලවරණ කමිටුව කටයුතු කරන ආකාරය ප්‍රශ්නකාරියි. නාමයෝජනා විරෝධතා සම්බන්ධයෙන් කමිටුව කටයුතු කරන ආකාරය එකඟ වෙන්න බෑ.  ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා කමිටුවේ ඉන්න සමහර නීතිඥ මහත්වරු මීට පෙර පැවති පාපන්දු නිලවරණවලදී පාපන්දු ආයතන පත්කළ කමිටුවල අයයි.

මාධ්‍ය හමුව ඇමතූ විධායක කමිටු අපේක්ෂක ටී. සුදාහර් මහතා පැවසුවේ නිලවරණ කමිටුවේ ඇතැම් තීරණවලට සිය පාර්ශ්වය එකඟ නොවූවත් පාපන්දු ආයතනයේ අනිද්දා පැවැත්වෙන නිලවරණයට බාධා ගෙනදෙන ආකාරයෙන් උසාවියේ නඩු පැවරීමට සිය පාර්ශ්වය උනන්දු නොවන බවයි. නිලවරණයෙන් පසුව පැනනැගෙන කරුණු සම්බන්ධයෙන් සිය පාර්ශ්වය අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවත් ඔහු එහිදී පැවසීය.

 

අනුර ද සිල්වා මහතා පෙරේදා පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්. විධායක සභික අපේක්ෂක ටී. සුදාගර් මහතා ඡායාරූපයේ සිටී.


අදහස් (0)

නිලවරණය ලං වෙද්දී නියෝජිතයන් වෙනස් කරලා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.