Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කාන්තා පාපන්දු පිල සිංගප්පූරු යයි

කාන්තා පාපන්දු පිල සිංගප්පූරු යයි

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලට යාමට පෙර, පුහුණු තරග දෙකකට සහභාගිවීම සඳහා, ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම සිංගප්පුරුව බලා අද (27) පිටත්ව ගියේය.

දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට අලූතෙන්ම එක් වු කාන්තා පාපන්දු තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායමට විදෙස් තරග අත්දැකීම් ලබාදීමේ අපේක්‍ෂාවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙම තරග සංචාරය සූදානම් කර තිබේ.

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම සිංගප්පුරු කාන්තා පාපන්දු කණ්ඩායම සහ වයස 19 න් පහළ (කාන්තා) කණ්ඩායමට එරෙහිව තරග දෙකකට සහභාගි වීමට නියමිතය.මෙම තරග අද (27) සහ අනිද්දා (29 වැනිදා) පැවැත්වේ.
කේ. එන්. කුමාරිගේ නායකත්වයෙන් යුත් කාන්තා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස ආර්. එම්. ජස්මින් මහතා කටයුතු කරයි.

 

6666666666666

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම:
කේ.එන්.කුමාරි (නායිකාව), කේ.ලියනගේ (උප නායිකා), ඒ. එස්. විජේරත්න, එම්. එන්. ඉද්දගොඩ, එන්. සී. කරුණාරත්න , ඒ. සී. ෂරුක්කලී, එන්. එස්. මානවඩු, එල්. ආර්. ගුණවර්ධන, අචලා සංජීවනී, යොහානි සංජීවනී, ටී. ඞී. ජයසිංහ, කේ. පී. එස්. පෙරේරා, ප‍්‍රවීනා මධුකි පෙරේරා, එස්. එස්. සුභසිංහ, සී. කේ. ඒකනායක, සුමුදු සුමාලි පතිරණ, ඞී. ලීලන්ති, අයි. එම්. විතානගේ, සී. එස්. ෆැන්සිස්, හසාරා දිල්රංගි


අතිරේක:
කේ. යු. අබේරත්න, තුෂානී මධුෂානී, ටී. කේ. ඇන්ජලා, ඒ. එන්. බණ්ඩාර, ජී. එන්. කුමාරි

 

- 090

 


අදහස් (0)

කාන්තා පාපන්දු පිල සිංගප්පූරු යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.