Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features ක්‍රීඩකයන්ටත් පෞද්ගලික ජීවිතයක් තියෙනවා
ආසියානු කුසලාන

ක්‍රීඩකයන්ටත් පෞද්ගලික ජීවිතයක් තියෙනවා

editorial - 2022 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ඩුබායි සිට..)

තරග ජයගන්නා විට ක්‍රීඩකයන්ගේ හොඳ කියන අයම, තරග පරාජය වන විට ක්‍රිඩකයන්ට විවිද දෝෂාරෝපණ එල්ල කරමින් මඩ ගැසීම අද සමාජයේ සුලබ දක්නට ලැබෙන දෙයකි. සමාජ මාධ්‍යය යනු ඊට කදිම තෝතැන්නකි. ක්‍රිඩාවේ අයනු ආයනු පවා හරි ආකාරව නොදත් පුද්ගලයන් තරගයක් දෙකක් පරාජය වූ පමණින් ක්‍රීඩකයන්ගේ පරම්පරාවටම දෙස් දෙවොල් තැබීමට නොපැකිලෙති. එහෙත් මතක තබාගත යුතු දෙය නම් ක්‍රීඩකයෝත් සාමාන්‍ය මනුෂ්‍යයන් යන බවය.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළද එවැනිම ආකාරයේ සිදුවීම් කිහිපයක්ම දක්නට ලැබිණ. තරගාවලියේ සමාරම්භක තරගයේදී ඇෆ්ඝනිස්ථානය හමුවේ ලකුණු 105 කට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 කින් එම තරගය පරාජයට පත්විය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට විවිද දෝෂාරෝපණ එල්ල වූ අතර එහිදී කණ්ඩායමේ නායක දසුන් ශානකට තම ක්‍රිඩකයන් ආරක්ෂා කරගැනීම සඳහා ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට සිදුවිය. එහිදී නායකයකු ලෙස ඔහුගේ ක්‍රියා කලාපය පැසසුමට ලක් විය යුතුය.

අසාර්ථක වීමේදී තම කණ්ඩායම වෙත එල්ල වූ දෝෂාරෝපණ හේතුවෙන් ඇතිවූ හිත් තැවුල්වලට ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගනිමින් පිළිතුරු දුන් දසුන්, තරගාවලිය නිමාවීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීය. කෙසේ වුවත් අදහස් දැක්වීමේදී පවා කිසිවකුගේ හිත් නොරිද වීමට ඔහු වග බලාගත්තේය. එයද නායකයකු සතුව තිබිය යුතු අගනා ගුණංගයක් ලෙස හැඳින්විය හැකිය.

“මට කියන්න තියෙන්නේ ක්‍රීඩකයන්ව විශ්වාස කරන්න කියලා විතරයි. පසුගිය කාලයේ ගොඩක් නරක දේවල් සිදු වුණා. ක්‍රීඩකයෝ විදිහට ඔවුන් ඔවුන්ගේ ජීවිතය විදින්න ඕනේ. ක්‍රීඩකයන් ගැන නරක දේවල් පතුරවන්න එපා. ඔවුන්ට කියලත් පෞද්ගලික ජීවිතයක් තියෙනවා. ප්‍රධානම දේ තමයි ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීම. නායකයෙකු විදිහට මම හැමවෙලේම මගේ ක්‍රීඩකයින්ව විශ්වාස කරනවා. ඊට එහා දෙයක් මම එයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මම හිතනවා හැමෝම මා සමග එකඟ වේවි කියලා.” යැයි දසුන් කියා සිටියේය.

“පසුගිය වසර කිහිපයේ සිට අපේ ක්‍රීඩකයෝ හොඳින් දස්කම් දැක්වුවා. ඒත් අවාසනාවකට වගේ අපිට තරග ජයග්‍රහණය කරන්න ලැබුණේ නැහැ. ඒත් ‍දැන් අපි ජයග්‍රාහී මාවතකට අවතීර්ණ වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ ජයග්‍රහණය අපිට හොඳ හැරවුම් ලක්ෂ්‍යයක් වෙයි කියලා. මේ විදිහට ගියොත් තව අවුරුදු 5 ක්, 6 ක් යන විට අපි හුගක් හොඳ තත්ත්වයක ඉදිවි කියලා මම හිතනවා.” යැයිද එහිදී දසුන් වැඩි දුරටත් සඳහන් කළේය.


අදහස් (0)

ක්‍රීඩකයන්ටත් පෞද්ගලික ජීවිතයක් තියෙනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.