Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සීමිත ඕවර ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට එස්.එස්.සී, යුදහමුදාව, එන්.සී.සී, හලාවත මේරියන්ස්, පානදුර, සැරසන්ස්, ගුවන් හමුදාව සහ ද්‍රවිඩ සංගම් යන කණ්ඩායම් සමත්ව සිටිති.
‘ඒ’, ‘සී’ සහ ‘ඩී’ යන කාණ්ඩයන්හී මූලික වටයේ තරග පසුගිය 19 වැනිදා අවසන් වූවද ‘බී’ කාණ්ඩයෙන් තරග කරන කණ්ඩායම් සංඛ්‍යාව අනෙක් කාණ්ඩ වලට වඩා එකක් වැඩි බැවින් ඔවුන්ගේ මූලික වටයේ තරග 6 ක් ඊයේ (22) සහ අද (23) පැවැත්වුණි. අද දිනයේදී ‘බී’ කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා සී.සී.සී, හලාවත මේරියන්ස් සහ වරාය අධිකාරිය යන කණ්ඩායම් අතර තියුණු තරගයක් පැවතුණි. කෙසේ වෙතත් අවසානයේදී එන්.සී.සී. පිල කඩුලු 5 කින් පරාජය කළ හලාවත මේරියන් ක්‍රීඩකයෝ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ සී.සී.සී. සහ වරාය අධිකාරියේ බලාපොරොත්තු සුන් කරමිනි.
ප්‍රසාද ලකුණු 21 ක් ලබාගත් එස්.එස්.සී පිල ‘ඒ’ කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා විට එහි දෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 15 ක් ලබාගත් යුදහමුදා පිලට හිමිවිය.
ප්‍රසාද ලකුණු 24 ක් ලබාගත් එන්.සී.සී පිල ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පත්වන විට ප්‍රසාද ලකුණු 20 ක් ලබාගත් හලාවත් මේරියන්ස් පිල එහි දෙවැනි ස්ථානයට පත්විය.
‘සී’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 16 ක් ලබාගත් පානදුර පිල සමත්වූ අතර එහි දෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 14 ක් ලබාගත් සැරසන්ස් පිලට හිමිවිය. ප්‍රසාද ලකුණු 14 බැගින් ලබාගත් කෝල්ට්ස් පිල සහ සැරසන්ස් පිල සම තත්වයේ පසුවුවද ලකුණු ලබාගැනීමේ වේගය මත අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සැරසන්ස් පිල සමත්විය.
අර්ධ අවසන් පූර්ව තරග මේ මස 28 වැනිදාත් අවසන් පූර්ව තරග 29 වැනිදාත් පැවැත්වෙන අතර අවසන් මහා තරගය 31 වැනිදා පැවැත්වේ.
‘ඩී’ කාණ්ඩයෙන් තරග කළ ගුවන් හමුදා පිල ප්‍රසාද ලකුණු 18 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් අතර ප්‍රසාද ලකුණු 15 ක් ලබාගත් ද්‍රවිඩ සංගම් පිල එහි දෙවැනි ස්ථානයට පත්විය.
මූලික වටයේ තරග අවසන් වන විට ශතක 8 ක් වාර්තා වූ අතර උපුල් තරංග ශතක 2 ක් (එන්.සී.සී), චරිත් අසලංක (එස්.එස්.සී), ධනංජය ලක්ෂාන් (කෝල්ට්ස්), අදීෂ නානායක්කාර (වරාය අධිකාරිය), සඳුන් වීරක්කොඩි (එස්.එස්.සී), ලසිත් කෲස්පුල්ලේ (හලාවත මේරියන්ස්) සහ මංසූර් අම්ජාඞ් (ගාල්ල) එක් ශතකය බැගින් ලබාගැනීමට සමත්වූහ.
තරග 6 බැගින් ක්‍රීඩා කළ එන්.සී.සී පිලේ ඇන්ජලෝ පෙරේරා ලකුණු 301 ක් සහ උපුල් තරංග ලකුණු 244 ක් ලබාගනිමින් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර පළමු සහ දෙවැනි ස්ථාන වලට පත්වූහ. එස්.එස්.සී පිලේ චරිත් අසංලක ලකුණු 237 ක් ලබාගනිමින් එහි තෙවැනි ස්ථානයනයට පත්විය.
තරග 5 කට සහභාගීවූ හලාවත මේරියන්ස් පිලේ කමිඳු මෙන්ඩිස් කඩුලු 13 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන්නේය. එස්.එස්.සී පිලේ තරිඳු රත්නායක, එන්.සී.සී පිලේ චාමික කරුණාරත්න සහ එන්.සී.සී පිලේ සචිඳු කොළඹගේ කඩුලු 11 බැගින් දවාගනිමින් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසුවූහ.
ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.