Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දුර්වල පන්දු රැකීම හේතුවෙන් හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (9 වැනිදා) පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 17 වැනි තරගයේදී ගාල්ල ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට දඹුල්ල වයිකිංග් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 169 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල වයිකිංග් පිල 20 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී ජයග්‍රහණය පසුකර ගියේය. වේගවත් පිතිහරඹයක නිරත වූ සමියුල්ලා ශින්වාරී පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 46 ක් රැස්කරමින් දඹුල්ල වයිකිංග් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
ලකුණු 13 ක් ලබාසිටියදී සමියුල්ලා ශින්වාරී ලබාදුන් උඩපන්දුවක් ධනුෂ්ක ගුණතිලකගේ අතින් ගිලිහීයාමේ පාඩුව විඳගැනීමට ගාල්ල ග්ලැඩියේටර්ස් පිල සිදුවිය. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ශින්වාරී පන්දු 14 කින් ලකුණු 33 ක් ගාල්ල ග්ලැඩියේටර්ස් පිලෙන් උදුරා ගත්තේය.
රමේෂ් මෙන්ඩිස් සමගින් එක්ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 20 කදී ලකුණු 46 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමියුල්ලා ශින්වාරී සමත්විය.
නිරෝෂන් දික්වැල්ල පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 38 ක් සහ ඇන්ජලෝ පෙරේරා පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 45 ක් රැස්කරමින් දඹුල්ල වයිකිංග් පිලේ ජයග්‍රහණයට දායක වූහ.
පළමුව පන්දුවට පහරදුන් ගාල්ල ග්ලැඩියේටර්ස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 168 ක් රැස් කළේය. අසාන් අලී සමගින් වේගවත් ආරම්භයක් ලබාගත් ධණුෂ්ක ගුණතිලක පළමු කඩුල්ල සඳහා පන්දු 15 කදී ලකුණු 33 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර ඉන් නොනැවතී දෙවැනි කඩුල්ල සඳහා භානුක රාජපක්ෂ සමගින්ද එක්ව පන්දු 29 කදී තවත් ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.
ධණුෂ්ක ගුණතිලක පන්දු 31 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 46 ක් රැස්කළ අතර ශෙහාන් ජයසූරිය පන්දු 27 කදී හයේ පහරක් සමගින් ලකුණු 39 ක් ලබාගත්තේය. තවත් වේගවත් පිතිහරඹයක නිරතවූ භානුක රාජපක්ෂ පන්දු 18 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 31 ක් රැස්කිරීමට සමත්විය. පසුපෙළ පිතිකරුවකුවූ ධනංජය ලක්ෂාන්ද පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 23 ක් රැස්කරමින් ගාල්ල ග්ලැඩියේටර්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය.
රමේෂ් මෙන්ඩිස්, කසුන් රාජිත සහ දසුන් ශානක කඩුලු දෙක බැගින් දවාගනිමින් දඹුල්ල වයිකිංග් පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ගාල්ල ග්ලැඩියේටර්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 168
(ධණුෂ්ක ගුණතිලක 46, භානුක රාජපක්ෂ 31, ශෙහාන් ජයසූරිය 39, ධනංජය ලක්ෂාන් නොදැවී 23, රමේෂ් මෙන්ඩිස් 28/2, කසුන් රාජිත 31/2, දසුන් ශානක 38/2)
දඹුල්ල වයිකිංග් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 174
(නිරෝෂන් දික්වැල්ල 38, ඇන්ජලෝ පෙරේරා 45, සමියුල්ලා ශින්වාරී නොදැවී 46, ධනංජය ලක්ෂාන් 33/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.